Home / දෙයියෝ සාක්කි / රියදුරු බලපත සාක්කුවේ තිබියදී නැතිවුණැයි පොලිසියට පැමිණිලි කරලා

රියදුරු බලපත සාක්කුවේ තිබියදී නැතිවුණැයි පොලිසියට පැමිණිලි කරලා

2018-01-04 11:54:00       579
feature-top
තමන්ගේ රියදුරු බලපත්‍රය පසුම්බියේ තිබියදී එය නැති වූ බව කියා පොලීසියේ පැමිණිල්ලක් සටහන් කළ රියදුරෙකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබිණ.

ඔහු වෘත්තීය රියදුරෙකි. ළඟඳී දිනක මංගල උළෙලකට සහභාගී වුණේ සිය දරු පවුලේ පිරිස සමඟය. තැන නොතැන නොබැලූ ඔහු හොඳ හැටි මධු විතින් සප්පායම්වුණේ බිරියගේ අවවාද අනුශාසනා ආදියද ගණනකට නොගනිමින්ය.

ට්ක වේලාවක් ගත වෙද්දී ටයි පිටිය ගැලවුණේය. සාක්කුව වරින් වර අස් පස් කරන්නටද පටන් ගත්තේය. බමන මත තිබුණත් බිරියත් දරු දෙදෙනාත් සමඟ යතුරු පැදියේ නැඟී නිවසට එන්නට මේ රියදුරා වාසනාවන්ත වූයේය. පසුදා පහන් විය.බාරගත් කුලී ගමනක් යාමට නියමිතව තිබුණි.

පිරිසගෙන් ඇමතුමක්ද  ලැබුණි. ඉක්මනට එනවා කී හෙතෙම තම රියදුරු බලපත්‍රය සොයන්නට වූයේය. එය සොයා ගැනීමට නොැකි විය. කලින්දා මද සිහියෙන් එද්දී එය වැටෙන්න ඇති බව ඔහු අනුමාන කළේය. වෙනත් රියදුරෙකු කැඳවා ගමන පිටත් කර රිය බලපත නැතිවීම ගැන පොලීසියේ පැමිණිල්ලක් ලියන්නට ගියේය.

තමන්ගේ රියදුරු බලපත්‍රය නැති වූ බවත් එය අලුතින් ලබා ගැනීමට අවශ්‍ය බව කියා පැමිණිල්ලක් සටහන් කර නිවසට ආයේ ඒ සඳහා යන බර පැන සොයන අන්දමක් ගැන සිතමිනි.

නිවසට එන අතරතුර තවත් උගුරකින් සප්පායම්වුණේ සිදුවූ වරද නිසා ඇති වූ පසුතැවිල්ල මකා ගන්නටය. නිසවට ආ ඔහු පුටුවකට බර වූයේ ඇඳ සිටි කම්සය ගලවා බිම දමමිනි. කුඩා පුතු එතනට ආයේ තාත්තා ටොපි ගෙන එන්නට ඇතැයි සිතාගෙනය. සාක්කුව අතපත ගෑ පුතුට එහි වූ පියාගේ රියදුරු බලපත්‍රය හමුවූයේය.
නොදන්නා පුතා එය සෙල්ලකමට ගත්තේය.පුතා රිය බලපත ගෙන සෙල්ලම් කරනවා දුටු පියාගේ වෙරි හිදුනේය.

තමන්ගේ පැමිණිල්ලට කුමක් කරවාද කියා දකින දකින අයගෙන් උපදෙස් ගනිමින් ඉන්නේ පොලීසිය විමසුවාම කියන්නේ කුමක්දැයි දැනගන්නා අටියෙනි.



උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »