Home / දෙයියෝ සාක්කි / ආතුරයා ආරූඨ කරන්න ගිහින් ඇදුරා අම්බානක කාලා

ආතුරයා ආරූඨ කරන්න ගිහින් ඇදුරා අම්බානක කාලා

2017-08-30 11:36:00       48
feature-top
ආතුරයා ආරූඪ කිරීමට ආයකටු වලින් ඇනීමට ගොස් ආතුරයාගෙන් සහ ඔහුගේ පවුලේ උදවියගෙන් හොඳ හැටි ගුටි කෑ කපුවෙකු පිළිබඳව රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගමකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

එම පවුලේ එක් දරුවෙක් යම් කිසි රෝගී තත්ත්වයකින් දීර්ඝ කාලයක් තිස්සේ පසුවෙයි. යම් යම් ප‍්‍රතිකාර සිදුකළද සුවනොවූ කල ඔහුත් අවසාන වශයෙන් පිහිට පතා ඇත්තේ දෙවියන්ගෙනි.

ඒ සඳහා ඔවුන් ගමේ ඇදුරකු ගෙන්වා තොවිලයක් සූදානම් කර තිබේ. කෙසේ වෙතත් ඇදුරා දුන් බඩු ලැයිස්තුවට අනුව එය තොවිල් ගෙයක් නොව මගුල් ගෙයක ආහාර ලැයිස්තුවක් විය. කෙසේ හෝ දරුවා සුවකර ගැනීමට සිතූ පවුලේ උදවිය ඇදුරා කියූ පරිද්දෙන්ම කටයුතු සම්පාදනය කළහ.

විසිදෙනකුට පමණ මස්, මාළු, කිරි, බිත්තර, මත්පැන් ඇතුළු ආහාර රැසක් ඔවුන්ට පිළියෙළ කරන්න යෙදුනි. තොවිල් දා පවුල් පිටින් සහභාගිවී භෝජන රස බැලූ ඇදුරා ඇතුළු ගෝලයන් පිරිස තොවිලය ආරම්භ කර ඇත. කෙසේ වෙතත් ඔහුත් සිංහලෙන් යකුන්ට ආරාධනා කරනවා ඇරෙන්නට වෙනත් කිසිවක් සිදු නොකරන අයුරු දුටු ගෙදර සිටි තරුණයෙකු ඇදුරන් සමග පැමිණි පුද්ගලයකු අමතා මේ ගුරුන්නාන්සේ මේ අය ආපු වෙලාවේ ඉඳලම එකම වචනේමයි කියන්නේ ඒකත් සිංහලෙන් ඒ ඇයි දැයි විමසා ඇත. මොවුන් ගොනාට ඇන්දවීම පුළුවන් යැයි සිතූ ඔහු මේකනේ මල්ලි ඔයා ජංගම දුරකතන පාවිච්චි කරනවා නේද, ආ ඔය අතේ එකක් තියෙන්නේ බලන්න පාරිභෝගික සේවාවට අරන් සිංහලෙන් සවන් දීමට 1 දෙමළෙන් 2 ඉංග‍්‍රීසියෙන් 3 දැන් තාක්ෂණේ දියුණුයි. අපිත් ලේසි භාෂාව සිංහල හින්දා ඒක තෝරාගෙන තියෙන්නේ යැයි පවසා ඇත.

ඒ අතරම කාමරය දෙසින් ඇසුණු ලතෝනිය නිසා දිවගිය පවුලේ අය දැක ඇත්තේ රෝගීව සිටි තරුණයාට ආයකටු වලින් දිගට හරහට අනින ඇදුරාය. කුපිත වූ පවුලේ පිරිස පෙරේත තට්ටුවෙන් ඇදුරාට පහර දෙද්දී බෙර කරුවන් බෙරද එල්ලාගෙන හිස් ලූලූ අත දිවගොස් ඇත්තේ පණ එපා කියමිනි.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »