Home / දෙයියෝ සාක්කි / නෝනත් අන්දවා අමුතු පැළයක් හිටවලා

නෝනත් අන්දවා අමුතු පැළයක් හිටවලා

2017-08-14 10:04:00       39
feature-top
දකුණේ ගාල්ල පැත්තේ ගමකි. මෙහි වාසය කළ 28 හැවිරිදි එක් දරු පියෙක් දිනක් පැළයක් ගෙනවිත් තම ගෙවත්තේ මල් පෝච්චියක සිටවීය. පසුව මෙම පුද්ගලයා තම බිරිඳට පවසා ඇත්තේ තමා ඉතාමත් දුර බැහැර ප‍්‍රදේශයකින් රට දාස් පැළයක් ගෙනැවිත් සිටවූ බවත් මෙම පැළයට දිනපතා ජලය සහ පොහොර යොදා රැකබලා ගන්නා ලෙසයි.

බිරිඳ මෙම පැළයට උදේ සහ සවස වතුර දමමින් අවශ්‍ය විට පොහොර යොදමින් සාත්තුකර තිබේ. ඉතාමත් සශ්‍රීකව දිනෙන් දින වැඞී ඇත.

 දිනක් මෙම නිවෙසට පැමිණි අමුත්තෙකු මෙම පැළය දැක එය ගංජා ගසක් බව හඳුනාගෙන තිබේ. පසුව එම තැනැත්නා මේ පිළිබඳව ඉමදුව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කර ඇත. මේගැන කි‍්‍රයාත්මක වූ පොලිසිය එම නිවෙසට ගොස් ගංජා පැළය සහ නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අවස්ථාවේදී ඒ අසලට පැමිණි සැකකරුගේ බිරිය රට දාස් පැළයක් වැවීමේ වරදට නිරපරාදේ තම ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බවට පොලිසියට දෝෂාරෝපණය කරන්නට වූවාය. එවිට පොලිස් ස්ථානාධිපතිවරයා තම ලැප්ටොප් පරිගණකයෙන් ගංජා වගාවක් සහ පැළවල විඩියෝවක් පෙන්වා මෙම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන පලවිපාක පිළිබඳව සැකකරුගේ බිරියට කරුණු අවබෝධ කර දී තිබේ.

 කරුණු අවබෝධ කරගත් සැකකරුගේ බිරිය ඒ අවස්ථාවේදී පවසා ඇත්තේ තම ස්වාමිපුරුෂයා තමාට පවසා ඇත්තේ අමූලික බොරුවක් බවත් එහෙනම් එයාගේ අනෙක් වැඩත් එහෙමම වෙන්න ඇතියි මමනම් ඇප දෙන්නවත් එන්නේ නැතැයි කියාය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »