Home / දෙයියෝ සාක්කි / සබන් කෑල්ල නෝට්ටුවකින් ඔතලා

සබන් කෑල්ල නෝට්ටුවකින් ඔතලා

2017-08-04 09:22:00       674
feature-top
දකුණු පළාතේ පොලිස් ස්ථානයකට අනුබද්ධව පසුගිය දා ග‍්‍රාමීය ප‍්‍රදේශයක ප‍්‍රජා පොලිස් මධ්‍යස්ථානයක් විවෘත කැරිණි.

මෙහිදී ගමේ වැඩි පිරිසක් තම තමන්ගේ ගැටලූවලට විසඳුම් ලබාගත් අතර වියපත් මවක් කලබලයෙන් එහි පැමිණියේ ගෙදර අයටම එරෙහිව පැමිණිල්ලක් කිරීමටය.

මම අමාරුවෙන් හම්බ කර ගත්තු රුපියල් පන්දාහේ කොළයක් ගෙදර අය හොරකම් කරලා කී ඇය ඒ පිළිබඳව වැළපෙන අයුරු දුටු ස්ථානාධිපතිවරයා මේ ගැන සෙවීමට ඇය සමග පොලිස් කොස්තාපල්වරයකු නිවසට යැවීය.

 ඕක ගන්න කෙනෙක් මෙහෙ නැහැ. කොහේ හරි දමන්න ඇති. ඔය හැඹිලිය හැම තිස්සෙම ඉනේ ගහගෙන ඉන්නෙ. ඊයෙ නාන්න ගියා. එතන වැටුණද දන්නෙ නෑ.” ලොකු පුතා කීවේ තරමක කෝපයෙනි.

”හැඹිලිය මා ගාව තියෙනවා” කී ඇය එහි ඉතිරි වී ඇති මුදල්ද පෙන්නුවාය.

පොලිස් නිලධාරියා ළිඳ ළඟට ගියේ කිසියම් සැකයකිනි. එහිදී දුටු දර්ශනයෙන් ඔහුට තරු පෙනිණ. ඇය රුපියල් පන් දහසේ  කොළයෙන් එතූ සබන් කැටය වතුරත් සමග එහි තිබුණි.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »