Home / දෙයියෝ සාක්කි / දුවගේ දාහතේ පෙම්තිවතා එක්ක තිස් පහේ අම්මා පැන ගිහින්

දුවගේ දාහතේ පෙම්තිවතා එක්ක තිස් පහේ අම්මා පැන ගිහින්

2017-07-05 10:01:00       674
feature-top
තම දියණියගේ පෙමට හරස් වූ තරුණ මවක් දියණියගේ පෙම්වතා සමඟ පැන යෑමේ පුවතක් වලවේ ගඟ අසබඩ නගරාසන්නයෙන් වාර්තා වේ.

එකම පන්තියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවිය හා සිසුවා අතර පෙමක් ගොඩනැගී එය ක‍්‍රමයෙන් මෝදුවී සිසුවියගේ නිවසට සිසුවා ගියේ සිසුවියගේ මව්පියන්ගේ ද අකමැත්තක් නොවූ හෙයිනි.

දෙදෙනාම එකට උපකාරක පන්තිවලට පවා සහභාගී වී ඇත. පසුගිය දිනෙක සිසුවිය තම පෙම්වතා එනතෙක් පෙරමඟ බලා සිටියත් එදින පෙම්වතාගේ පැමිණීම සිදු නොවීය. මවත් නිවසේ නොවීය.

පසුව දැනගන්නට ලැබුණේ කිසි විටකත් නොසිතූ සිද්ධියකි. ඇය තම පෙම්වතා තවත් මිතුරියක් සමඟ පෙමකින් බැඳේ දැයි සැකයෙන් සිටියද සිදු වූයේ තමාගේ පෙම්වතා මව විසින්ම පැහැර ගැනීමයි. වයස අවුරුදු 17 ක් තරම් වන සිසුවා සමඟ වයස අවුරුදු 35ක් පමණවන මෙම මව තම ස්වාමිපුරුෂයාත්, දරුවනුත් හැර දමා නිවසේ තිබූ මුදල් ද යහමින් රැගෙන කොළඹ ප‍්‍රදේශයට ගොස් ඇති බව දැනගත් ප‍්‍රදේශවාසීන් කීවේ මේවාට දෙයියෝ සාක්කි දේවි කියාය.



Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »