Home / දෙයියෝ සාක්කි / සිසුවාගේ කෙටි යෙදුමට ගුරුවරයාත් හොල්මන්

සිසුවාගේ කෙටි යෙදුමට ගුරුවරයාත් හොල්මන්

2017-06-26 10:40:00       672
feature-top
පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පංතියකට පැමිණෙන එක්තරා සිසුවකු සිංහල විෂයේ පැවරුමකට ලියා තිබූ රසවත් කෙටි යෙදුමක් පිළිබඳව පුවතකි මේ.


එය වාර්තා වූයේ වයඹ පළාතේ එක්තරා නගරයකිනි. එම සිද්ධිය මෙසේයි.

එම පංතිය මෙහෙයවන ගුරුවරයා කලින් සතියේ දරුවන්ට භාවිතයේ ඇති සිංහල කෙටි යෙදුම් 50ක ලැයිස්තුවක් ලියා රැගෙන එන ලෙස පැවරුමක් දී තිබූ අතර එදින පංතිය ආරම්භ කර ඔහු මුලින්ම සිදුකළේ දරුවන් ලියා තිබූ එම ලැයිස්තු පරීක්ෂා කිරීමයි. එය පරීක්ෂා කරමින් සිටියදී පංතියේ එක් සිසුවෙක් සිය කෙටියෙදුම් ලැයිස්තුවට එක්කර තිබූ “අ.බෝ” නම් වූ කෙටි යෙදුමේ අදහස වටහා ගැනීමට ගුරුවරයාට නොහැකි විය.

ටික වේලාවක් කල්පනා කළද එහි අදහස වටහා ගැනීමට අසීරු වූ ඔහු සිංහල ගුරුවරයකු වූ සිය මිතුරෙකුට මේ පිළිබඳ විමසා දුරකතන ඇමතුමක් ලබා දුන්නද එහි අදහස පැහැදිලි කරදීමට එම මිතුරාද අසමත් විය.
අවසානයේ කෙටි යෙදුම ලියා තිබූ සිසුවා තමා අසලට කැඳවූ ගුරුවරයා එහි අදහස කුමක්ද කියා ඔහුගෙන් විමසීය.

“සර් ඔය කෙටි යෙදුම මම ඉගෙන ගත්තේ අපේ තාත්තාගෙන්. අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා ටවුමේ වෑන් එකක් හයර් කරන අංකල් කෙනෙක්. එයා පෙරේදා උදේ ටවුමට යනකොට මමයි තාත්තයි හිටියේ අපේ ගෙදර ගේට්ටුව ළඟ. තාත්තා එයාට කිව්වා “මල්ලී අද හවස එනකොට ටවුමෙන් මට “අ.බෝ. එකක් ගේන්න ආවම සල්ලි දෙන්නම්” කියලා. මට ඒ වචනෙ තේරුණේ නෑ.

එදා හවස අර අංකල් ගෙදර යන ගමන් තාත්තට පාර්සලයක් දීලා ගියා. මං ඒ වෙලාවේ හිටියේ මිදුලේ. තාත්තා ඒ පාර්සලය ගෙයි ඉස්සරහා එයාගේ ඔපීස් කාමරයට අරන් ගිහින් ඒක කාමරේ තියලා ළිඳ ළඟට ගියා නාන්න.

මම හොරෙන්ම කාමරයට ගියා. ඒ පාර්සලය මේසේ යට හංගලා තිබුණේ. ඒකේ තිබුණේ පොඩි පෙට්ටියක්. මම පෙට්ටිය ඇරලා බැලුවා. පෙට්ටිය ඇතුළේ තිබුණේ අරක්කු බෝතලයක්.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »