Home / දෙයියෝ සාක්කි / බෑනා ඇවිල්ලා අමුතු ගේමක් දීලා

බෑනා ඇවිල්ලා අමුතු ගේමක් දීලා

2017-06-20 10:15:00       676
feature-top
ගම්පොළ නගරයට ආසන්න ගමකි. එහි ජීවත් වූ පවුලක් ආර්ථික අපහසුතා නිසා ප්‍රදේශයේ වෙළෙඳසලකින් භාණ්ඩ ලබාගෙන ඇත්තේ මාසිකව ගෙවන පොරොන්දුවට ණය පදනමටය. මෙම ගෙහිමියාගේ බෑණා කෙනකු රජරට ප්‍රදේශයේ සිටින අතර හදිසියේම ඔහු සමඟ දරු පවුලම මෙම නිවෙසට පැමිණුනේ සති දෙකක් පමණ මෙහි ගත කරන බව පවසමිනි.

මෙම කතාවට ගෙහිමියාගේ ඇස් උඩ ඉන්දුණත් බෑණා ගෙනා බඩු මලු දෙස බැලු ඔහුට සිනා පොදක් පහළ වුයේ මාසයකට පමණ සරිලන බඩු එහි ඇති බව දැකීමෙනි. ලුණු කැටේ සිට නිවෙසට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය එහි තිබුණු අතර මේ නිසාම එම කාලය තුළ නිසියාකාරව වැඩකට නොගොස් ගොහිමියා එම කෑමෙන් බීමෙන් කාලය ගත කළේ කඩ පොළටත් නොගොසින්ය.

බෑණාගේ සති දෙකක කාලය සති තුනක් විය. සියලු දෙනා නැවත ගම රට බලා ගිය පසු ගෙහිමියා කඩපොළ වෙත ගියේ මේ මාසේ වෙළෙඳ සැලෙන් කිසිම බඩුවක් නොගත් අභිමානයද සමඟිනි. ගෙහිමියා දුටු වෙළෙඳසල් හිමියාගේ මූණ රතුවී ගියේ කෝපයෙනි. ඊළඟට කට හඬ අවදි කළ මුදලාලි මෙසේ කීවේය. මොනවද කරන්නේ. වෙනදට වැඩිය ලොකු ණයක් වෙලා කඬේ පැත්තේ එන්නෙ නෑ. බලනවා බෑණා රුපියල් 18000ක බඩු අරන් ගියා. මම ඉතින් අර ළමයි ළපටි නිසා බඩු ටික දුන්නා. මුදලාලිගේ කතාවෙන් ගෙහිමියාට සියල්ල අවබෝධ විය.


More News »