Home / දෙයියෝ සාක්කි / නුපුරුදු සෙරෙප්පු පැළඳ රෝහලෙත් නැවතිලා

නුපුරුදු සෙරෙප්පු පැළඳ රෝහලෙත් නැවතිලා

2017-06-15 09:48:00       672
feature-top
තම කාර්යාලයේ මිතුරියකගෙන් ලද උපදේශයක් මත වෙනදා පළඳින සෙරෙප්පු කුට්ටම වෙනුවට අඩි උස සෙරෙප්පු දෙකක් පැළඳගෙන විවාහ මංගල උත්සවයකට ගිය මැදිවියේ කාන්තාවක සෙරෙප්පු කුට්ටම පාලනය කර ගත නොහැකිව පඩිපෙළකින් ඇද වැටී කොන්ද කඩාගෙන රෝහල් ගත කිරීමට සිදුවීමේ පුවතක් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

රජයේ ආයතනයකි. එහි සේවිකාවකගේ මංගල උත්සවයට සැමට ආරාධනා ලැබුණේ සති කීපයකටත් පෙරය. කාර්යාලයේ වැඩ කටයුතු අතරතුර රැුස්වූ කාන්තාවෝ මංගල උත්සවය ගැනද කතා කරන්නට අමතක නොකළහ. ඇතැමෙක් ඇඳ පැළඳගෙන යන ඇඳුම් ආයිත්තම් ගැන කතා කළහ. තවත් පිරිසක් සෙරෙප්පු ගැන කතා කළහ.

අනුන්ගේ උපදෙස් ඉහළින් අගය කළ එහි සිටි එක් සේවිකාවකට තවත් සේවිකාවකගෙන් ඇයට ගැළපෙන සෙරෙප්පු කුට්ටමක් ගැන අපූරු උපදෙස් ලැබුණේ මේ අතරේය.

‘‘අක්ක අර අහවල් කඬේ තියෙනව ලස්සන හීල්ස් (අඩි උස සෙරෙප්පු) දෙකක්. රත්තරං පාටයි. අක්කගේ ගෝල්ඞ් සාරියට මාරෙට මැච්වෙනව. මොකක්ද අනේ ඔයා හැමදාම ඔය පොඩි සෙරෙප්පු දාන්නේ.’‘ හිතවත් සේවිකාව නෝක්කාඩු කීවාය.

විලාසිතාවලට කවදත් ප‍්‍රිය කළ ඇය කාර්යාල කටයුතු නිමාවීමෙන් පසුව සිය මිතුරියද සමඟ නතර වූවේ අදාළ සෙරෙප්පු කඬේය. සෙරෙප්පු දෙක කකුලට දමා එහේ මෙහේ ගිය ඇයට ඒ මොහොතේ සිටම මංගල උත්සවයේ තමන් යන එන හැටි මැවී පෙනුණාය. ඇය දෙවරක් නොසිතාම එය මිලදී ගත්තේ ඒ තරමටම ඒ ගැන හිත බැඳුණු නිසාය.

මංගල උත්සවය පැවැතියේ නගරයේ හෝටලයකය. සිය සැමියාද සමඟ ඇය උත්සවයට ආවේ මිතුරිය තෝරාදුන් සෙරෙප්පු කුට්ටමද පැළඳගෙනය. ඇයට වැඩිදුරක් යන්නට නොලැබුණේය. හෝටලයේ උඩුමහලට යන පඩි කීපයක් නගිද්දී ඇය සෙරෙප්පු දෙක පැටළී උඩුබැලි අතට ඇද වැටුණේය.

ඇය තුනටියට අත තබාගෙන නැගිටින්නට තැත් කළාය. පලක් නොවීය. ‘‘පුලූවන් දේවල් කරන්න එපැයි.’’ හැඩි දැඩි අතකින් අල්ලා ගත් පිරිමියෙක් ගෝරනාඩුවක් දැම්මේය. ඒ ඇගේ සැමියාය. ත‍්‍රිරෝද රථයක් ගෙනා ඔහු මඟුල පැත්තක තබා මිතුරෙකු සමඟ ඇය රෝහල් ගත කළාය. ‘‘දින කීපයක් ඉන්නවෙයි.’’ පරික්ෂා කළ වෛද්‍යවරයෙක් කීවේය. ‘‘මේ සෙරෙප්පු මඟුලක් නිසා අද යාළුවොත් එක්ක සෙට් වෙන්න තිබ්බ චාන්ස් එකත් නැතිවුණා.’’ මිතුරෙකුට ඇමැතුමක් දුන් සැමියා බිරියට ඇසෙන්නටම කීවේය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »