Home / දෙයියෝ සාක්කි / දුව ලැබූ පසුව මංගල උත්සවය හෙළි වෙලා


දුව ලැබූ පසුව මංගල උත්සවය හෙළි වෙලා


2017-04-08 09:47:00       679
feature-top
අමන්දා සෙෆයර්ඩ් සහ තෝමස් සැඩොස්කි, හොලිවුඩ්පුරය බබළවන නළු නිළි යුවළක්. මේ සුපිරි තරු යුවළ මුලින්ම මුණ ගැසුණේ එක්තරා ප්‍රසංගයකදියි. ඒ, මීට වසර කිහිපයකට පෙර. ඉන් පසුව වරින් වර මුණ ගැසුණු ඔවුන් දෙදෙනාගේ පෙම් කතාව දලු දමා වැඩුණා. පසු කාලයකදී රූගත වූ ‘ද ලාස්ට් වර්ඩ්’ නම්වූ චිත්‍රපටයේ රඟපාද්දී දෙදෙනාගේ පෙම්දම තව තවත් සවිමත් වුණා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තෝමස් සහ අමන්දා විවාහ ගිවිස ගත්තා. ඒ බව තහවුරු කෙරෙන ඡායාරූප කිහිපයක් ද අන්තර්ජාලයට මුසු වී තිබුණා. පසුගියදා හොලිවුඩ් මාධ්‍ය වාර්තා කළේ තෝමස් - අමන්දා යුවළ මවුපිය පදවි ලබා ඇති බවයි. ඔවුන් දෙදෙනාට ඒ උතුම් පදවි ලබා දෙමින් මෙලොවට බිහිවුණේ දියණියක්. මේ ආරංචිය ලොවට හෙළි කළේ තෝමස් සැඩොස්කියි.

මවු පදවිය ලැබීමේ සතුට ගැන ඔස්ට්‍රේලියාවේ ‘වෝග්’ සඟරාව විමසූ විට අමන්දා කියා සිටියේ මෙවැන්නක්... “මගේ ජීවිතයේ මම කවදාවත්ම මේ වගේ සතුටක්, සංවේදී හැඟීමක් ලැබුවේ නැහැ.” තෝමස් - අමන්දා විවාහ ගිවිස ගත් පසුව කාටත් රහසේ විවාහ මංගල උත්සවය පැවැත්වූ බවත් පැවසෙනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »