Home / දෙයියෝ සාක්කි / හොරු අල්ලන්න ඇටවූ කැමරාවේ

හොරු අල්ලන්න ඇටවූ කැමරාවේ

2017-03-03 09:21:00       671
feature-top
සහල් මිල ඉහළ යාමත් සමග තම කමතේ වූ වී ගොඩක් ආරක්‍ෂා කර ගැනීමට සී.සී.ටී.වී. කැමරාවක් සවි කළ ව්‍යාපාරික ගොවියකුට කමතට ආ හොරු රංචුවක් අල්ලා ගැනීමට හැකිවීමේ රසබර පුවතක් රජරට පැත්තෙන් අසන්නට ලැබුණි.

ඔහු උප නගරයක් ආශ්‍රිත යකඩ බඩු හා වාහන අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාරිකයකු වූ අතර සොර බිය නිසා තම ව්‍යාපාරික ස්ථානයේ සී.සී.ටී.වී කැමරා සවිකොට තිබුණි. ව්‍යාපාරයට තරමක් දුරින් තිබූ තම කුඹුරු යායේ කමත දක්වා මෙම සී.සී.ටී.වී කැමරා දිගු කරන ලද්දේ එහිද ආරක්‍ෂාවටය. පසුගියදා අසල්වැසියකු පැමිණ කීවේ කමතේ වූ වීගොඩවල් ආශ්‍රිත පිදුරු කිසිවකු ඉවත්කොට ඇති බවකි. විමතියට පත් ඔහු වහාම සී.සී.ටී.වී කැමරා පරීක්‍ෂා කළ විට පෙනී ගියේ බලු රංචුවක් එහි පොරකමින් සිටි බවක්ලු.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »