Home / දෙයියෝ සාක්කි / දෙවියන්ගෙන් පිහිට ඉල්ලා පිං කැටයත් සොරාගෙන

දෙවියන්ගෙන් පිහිට ඉල්ලා පිං කැටයත් සොරාගෙන

2017-02-23 09:57:00       674
feature-top
විහාරස්ථානයක පිහිටි දේවාලයකට පැමිණි අයෙකු දෙවියන්ගේ පිහිට ඉල්ලා යන අතරතුරේ එහි පිං කැටයත් සුද්ධ කරගෙන ගියේ යැයි කියන සිද්ධියක් අසන්නට ලැබිණි.

මොහු දේවාලයට පැමිණෙන්නේ බොහෝ රෑ බෝවූ පසුවය. විහාරස්ථ බිමෙන් බැතිමතුන් ඉවත්වූ පසුත් දේවාලය අසලටවී රාත්‍රී නිසොල්මනේ දෙවියන් යදින අතරතුරේ  පිංකැටය දෙසටත් අවධානය යොමුකර ඇත.

පිංකැටයේ මුදල් අතුරුදන් වෙන්නට පටන්ගත් නිසා දේවාලය බාරකරු ඒ ගැන අවධානයෙන් සිට පන්සලේ සීසීටීවී කැමරාවේ දර්ශන පරික්ෂා කරද්දී හොරා හඳුනාගැනීමට අපහසුවී නැත.

පසුව මේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කර යළිත් මෙවැනි පහත් ක්‍රියා නොකරන ලෙස අවවාද කිරීමෙන් පසු දෙවියන් ඉදිරියේ පොරොන්දුවී ඔහු ලැජ්ජාවෙන් පිටවී ගොස් ඇත.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »