Home / දෙයියෝ සාක්කි / හොර ගමනක් ගිහින් ජනෙල් කූරු අස්සේ හිරවෙලා

හොර ගමනක් ගිහින් ජනෙල් කූරු අස්සේ හිරවෙලා

2017-02-22 09:47:00       673
feature-top
සැමියා නිවෙසේ නොමැති විට හොර රහසේ බිරියගේ පහස පතා එන පුද්ගලයකු අනපේක්‍ෂිතව සැමියා නැවත නිවෙසට පැමිණීමත් සමඟ එම අනියම් සැමියා එම නිවෙසේ දොරෙන් වෙනුවට ජනේලයෙන් පැන යාමට  උත්සාහ දැරීමේදී ජනෙල් කූරු අතර එළියට හිසද ගෙතුළට කඳ කොටසද වන සේ සිරවී නිවෙස් හිමියාගේ  අතට හසුවූ පුවතක් අලව්ව ප්‍රදේශයට අයත් ගම්මානයකින් වාර්තා වේ.


 සිද්ධිය මෙසේය,


 ප්‍රසිද්ධ සිප් හලක ගුරුවරයකු වන නිවෙස  හිමිකරු පාසල බලා උදයේ පිටත්ව ගියද සුළු වෙලාවකට පසු නිවෙසේ අමතකව ගිය ජංගම දුරකතනය රැගෙන යාමට නැවත නිවෙසට පැමිණියේය. එහිදී නිදන කාමරේ බිරිය සමග යහන්ගතව සිටි අනියම් සැමියා කලබලයට පත්ව  දොරෙන් පිටව යනු වෙනුවට කාමරයේ පිහිටි ජනේලයේ කූරු මෑත් කර ඒ අතරින් රිංගා යාමට උත්සාහ කරත්දී ජනේලයේ කූරු අතර සිරවිය.


සිදුවී ඇති දේ පිළිබඳ අවබෝධ කොට ගත් ගුරුවරයා ජනෙල් කූරු මෑත් කොට සිරවි සිටි පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලාගෙන“ තමුසෙ මට හැංඟි හොරා මෙච්චර දවසක් නටපු නාඩගම අද අතටම අසුවුණා. ඒ මදිවට උගලකටත් හිරවුණා නේද? අයිසේ මේ දේවල් කරන්න තව ටිකක් පුහුණු වෙන්න වෙයි” යනුවෙන් පවසා අතින් පයින්ද එම පුද්ගලයාට පහර දුන්නේ “ආයේ මේ පැත්ත පළාතේ මට අසු වෙන්න  ආවොත් බලාගෙනයයි” යනුවෙන් පවසමිනි.


 ගුරු බිරියගේ පහස පතා පැමිණි ගුරුවරයාගේ ග්‍රහණයට හසුවූ පුද්ගලයා සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර යාමටත් පෙර ගම අතහැර ගොස් අවසන්ය. 


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »