Home / දෙයියෝ සාක්කි / සිසුවිය ගෙදරින් ගෙනෙන වතුර බෝතලය හොරෙන් බිව් සිසුන්ට පාඩමක්

සිසුවිය ගෙදරින් ගෙනෙන වතුර බෝතලය හොරෙන් බිව් සිසුන්ට පාඩමක්

2017-02-14 09:18:00       673
feature-top
පාසලේදී පානය කිරීමට ගෙදරින් ගෙනෙන වතුර බෝතලය හොරෙන් පානය කරන පිරිමි ළමයින්ට අපූරු දඬුවමක් දුන් ශිෂ්‍යාවක් ගැන ගාල්ල දිස්ත්‍රික්කයේ පාසලකින් දැනගන්නට තිබේ.

 මෙම ශිෂ්‍යාව පාසල් කාලය තුළදී පානය කිරීමට ගෙදරින් වතුර බෝතලයක් ගෙන ඒම පුරුද්දක්  කරගෙන සිටියාය. ඇය පාසලේ තිබෙන වතුර හෝ වෙනත් යෙහෙළියන්ගේ වතුර පානය කිරීමට කැමැත්තක් නොදක්වන්නීය. එමෙන්ම තමන් ගෙනෙන වතුර බෝතලය වෙනත් අයට පානය කිරීමට දීමට ඇය අකමැතිය.

 මේ බව නිරීක්‍ෂණය කළ පිරිමි ළමයින් කිහිප දෙනෙක් මැයගේ වතුර බෝතලය හොර රහසේ පානය කිරීම පුරුද්දක් කර ගත්හ.  පළමු දින බෝතලයේ වතුර නැතිවීම ගැන වැඩි තැකීමක් ඇය නොදැක්වූවාය. එහෙත් දිනපතාම පුරුද්දකට මෙන් පිරිමි ළමයින් වතුර පානය කිරීම හේතුවෙන් මෙම ශිෂ්‍යාවට පාසල් කාලය තුළදී වතුර නොබී සිටීමට සිදුවිය.

මහත් වදයක් වූ මෙම සිද්ධිය ගෙදර ගිය විටදි මිත්තනියට කියා සිටියේ උපදේශයක් ලබාගැනීමටය. කදිම අදහසක් දුන් ඇය වතුර බෝතලයට මිරිස් කුඩු සහ ලුණු දමා ඉතිරියට වතුර පුරවාගෙන යන ලෙස කියා දුන්නාය. මිත්තනිය විසින්ම මිණිබිරියගේ වතුර බෝතලය සකස් කර දුන්නේ හොඳ පාඩමක් උගන්වන බවට සිතමිනි.

සුපුරුදු පරිදි පිරිමි ළමයින් කණ්ඩායම ශිෂ්‍යාව පංතියෙන් ඉවත්වන තෙක් බලා සිට වතුර බෝතලය කටේ තබාගෙන එක හුස්මට ඉවර කර දැමූහ. ගත වුයේ සුළු මොහොතකි. වතුර  පානය කළ සිසුවාගේ බඩ කට දැවිල්ල අල්ලා ඉවසා ගත නොහැකිව කෑගසන්නට වූහ.

 සිසුන් වේදනාවෙන් කෑගසද්දී ඒ බව විදුහල්පතිවරයාටද දැනගන්නට ලැබිණි. සිසුවෙක් කැඳවා ප්‍රශ්න කිරීමේදී ශිෂ්‍යාවගේ වතුර බෝතලය පානය කිරීමෙන් පසු වේදනාව ඇතිවූ බව කියා සිටියේය.

අදාළ ශිෂ්‍යාවද කැඳවා වතුර බෝතලයේ වේදනාව ඇතිවීමට හේතු මොනවාදැයි විමසූ විට මිත්තනිය වතුර  බෝතලයට මිරිස් කුඩු දමා සකස් කර දුන් බව කීවාය. තමාගේ වතුර බෝතලය රැකගැනීමට මෙසේ කළ බවත් ඇය කියා සිටියාය.

ශිෂ්‍යාව ගෙනෙන වතුර බෝතලය හොරෙන් බොන අයට හොඳ පාඩමක් වුවත් පානය කරන දෙයකට අනවශ්‍ය දෑ මිශ්‍ර කිරීම යහපත් ගති ගුණයක් නොවන බවත් කියමින් අවවාද කළේය. එමෙන්ම ඉදිරියේදි වෙනත් අයගේ වතුර බෝතල් හොර රහසේ නොබොන ලෙසත් තමාටත් වතුර අවශ්‍ය නම් ගෙදරින් ගෙනෙන ලෙසත් දන්වමින් දෙපැත්තට තරයේ අවවාද කළේය. 


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »