Home / දෙයියෝ සාක්කි / අත දරුවාත් බිරියත් රැගෙන බාර් එකට ඇවිත්

අත දරුවාත් බිරියත් රැගෙන බාර් එකට ඇවිත්

2017-01-13 09:22:00       675
feature-top
තරුණ ව්‍යාපාරිකයාගේ ජීවන රටාව හිටි හැටියේම වෙනස්වන්නට විය. වෙනදාට නගරයේ කෙරෙන ව්‍යාපාරික කටයුතු අඳුර වැටෙන්නට පෙර අහවර කොට නිවසට පැමිණීම පුරුද්දක් කරගත් ව්‍යාපාරිකයා මාස 3-4 සිට නිවසට පැමිණෙන්නට වූයේ රාත්‍රී දහයේ කණිසමත් පසුවූ විටය.


 තිදරු මවක වූ ව්‍යාපාරිකයාගේ බිරියට මේ වෙනස්වීම ප්‍රහේළිකාවක් විය. පසුව බිරිය මේ පිළිබඳව විපරම් කර බලන්නට විය. වැඩි දිනක් යන්නට මත්තෙන් සැමියාගේ ප්‍රමාදය සොයා ගන්නට නිවසට කොටුවී සිටි බිරියට හැකිවිය. සැමියාගේ මේ ක්‍රියා කලාපයට නැවතීමේ තිත තබන්නට තීරණය කළ බිරිය දිනක් රාත්‍රී 8.30 පමණ වැඩිමහල් දරුවන් දෙදෙනාට රූපවාහිනිය නරඹන්නට සලස්වා මාස තුනක් පමණ වූ අත දරුවා රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් කෙලින්ම නතර වූයේ නගරයේ ප්‍රසිද්ධ  අවන්හලක් තුළය.


බිරියට  ලැබුණු ඔත්තුව හරියටම හරිය. මිතුරන් කිහිප දෙනෙකු සමග ව්‍යාපාරික සැමියා මධු විතෙන් පදම් වෙමින් සිටියේය.


බිරිය අත දරුවා සමග ගොස් කෙලින්ම සිට ගත්තේ සැමියා අසලය. මත්පැන් වීදුරුව අත දරාගෙන සිටි සැමියාට බිරිය දුටු ගමන් හීන් දාඩිය දමමින් නැගිට්ට වුණේ ඉබේටමය. කෙලින් සිටගන්නට බැරිව සිටි සැමියා  අත තිබූ වීදුරුව වෙව්ලන්නට විය.


 මිතුරන් දෙසවත් නොබලා හෙමින් සිරුවේ ගොස් ත්‍රිරෝද රථයට නැගුණු ව්‍යාපාරික සැමියා සුවච කීකරු ගෝලයකු ලෙස නිවසට පැමිණියේ සුපුරුදු ජීවිතයට නැවතීමේ තිත තබමිනි.


Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »