Home / දෙයියෝ සාක්කි / සැමියාගේ හැන්දෑකරේ සාදයට බිරියගෙන් අපූරු පාඩමක්

සැමියාගේ හැන්දෑකරේ සාදයට බිරියගෙන් අපූරු පාඩමක්

2017-01-06 09:20:00       671
feature-top
මිතුරන් සමඟ නව වසරට සව්දිය පිරීමට සිතා සිටි  සැමියකුට බිරියකගෙන් ලැබුණු අපූරු පාඩමකි.


නව වසර සුබ වේවා යැයි නිදියහනේ සිටම සැමටම දුරකතනයෙන් පණිවිඩ යවමින් ඔහු දවස ආරම්භ කළේය.


බිරිය කුස්සියේ කිරිබතක් සූදානම් කිරීමට අවැසි කටයුතු සම්පාදනය කරමින් සිටී. දරුවන් තවම නින්දේය. සුබ පැතුම් කෙටි පණිවිඩ අතරේ සැමියාට සුබපතන්නන් ඇමතුම් මඟින් ද සුබ පතනා අයුරු ද බිරිය අසා සිටියේය.


“..ඔව් ඔව් ඒක හරි ඒක මම ෂේප් එකේ තියලා තියෙන්නේ... හොයන්න බෑ පැණි බෝතල් ගොඬේම තිබ්බා. දොළ පැත්තට ගිහිං සෙට් වෙමු. ම් ම් හරි හරි අපි හතරදෙනා විතරයි... ඕකේ ඕකේ හැපි නිව් ඉයර්ස්...” කිරිබතට අවැසි කිරි සපයා ගැනීම පිණිස හිරමනයත් සමඟ ඔට්ටුවෙන ගමන්ම බිරිය එක් කනකින් සැමියාගේ එම කතාබහ ද සියල්ල අසා සිටියේය.


අඩ හෝරාවකින් පමණ සැමියා අවදිව කුස්සිය පැත්තට ආවේය. මේසය මත තැබූ වතුර වීදුරුවෙන් කට සෝදාගෙන උදෑසන තේ කෝප්පය අතට ගත්තේය.
උගුරක් පානය කිරීමට මුවට ළං කරත්ම එකවරම   තිගැස්සුණේය.. වහා තේ කෝප්පය පසෙකට කළේය. මේ... මේ... මොනවද. මේ මේවා කොහොමද තේ එකට ආවේ...ක් ක් කවුද මේවා ගෙනාවේ.....


සැමියා කලබලයෙන් ඇසූ දෙයට බිරිය සිනාසුනා පමණි... ඇය සිනාසෙමින්ම මෙසේ ඇසුවාය. ඇයි ඔයා ටිකකට කලින් කිව්වේ අපි හතර දෙනාටම විතරයි කියලා මම ඉතින් උදේම ඒක ලෑස්ති කළා අලුත් අවුරුද්දේ උදේම සව්දිය පුරන එක හොඳයිනේ මේ ඔයාගේ පංගුව අපේ ඒවා දවල්වෙලා අපි ගන්නම් ඔයා දැන් බොන්න.....


ආයේ මොකටද දොළවල් ඇළවල් ගානේ යන්නේ මෙච්චර ගෙවල් දොරවල් තියාගෙන....


සිනාසෙමින් බිරිය පැවසූ වදන් සියල්ල ඔහේ අසා සිටියා මිස සැමියා කිසිදු වචනයක්වත් මුවින් පිට කළේ නැත...


 ඊට මද වේලාවකින් පසු පෙර ඇමතූ මිතුරන් වෙත දුරකතනයෙන් අමතා සිනාසෙමින් උදෑසන සිදුවීම කියා ශෝකය පළ කරන අයුරු අනෙක් කන යොමා බිරිය අසා සිටියාය.


Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »