Home / දෙයියෝ සාක්කි / රූපවාහිනියක් හදන්න ඇවිත් පරිගණකයක කෑලිත් ගලවාගෙන

රූපවාහිනියක් හදන්න ඇවිත් පරිගණකයක කෑලිත් ගලවාගෙන

2016-12-06 10:03:00       674
feature-top
වෙළෙඳ ආයතනයක ගෙවීමේ ක්‍රමයට අලුත්ම පරිගණක යන්ත්‍ර අලෙවියට තබා තිබිණි. රජයේ සේවිකාවක් වූ මවක් සිය දියණියට එම ආයතනයෙන් පරිගණකයක් මිලට ගෙන දුන්නාය. මාස කිහිපයක් හොඳින් ක්‍රියා කළ පරිගණකය ක්‍රියාවිරහිත විය. දියණිය විභාගයකට සූදානම් වූ නිසා මව එය අලුත්වැඩියා කිරීමට කටයුතු නොකළාය.


 දිනක් ඔවුන්ගේ රූපවාහිනිය ද ක්‍රියා විරහිත වූයෙන් මව එය මිලදීගත් ආයතනයට ඒ බව දැන්වූවාය. කාර්මිකයෝ දෙදෙනෙක් පැයක් තුළදී පැමිණියහ. රූපවාහිනිය යථා තත්ත්වයට පත්කළ පසු දියණිය මව අමතා “අම්මේ අපේ කොම්පියුටර් එකත් හදන්න පුළුවන්ද කියලා අහනවාදැයි” විමසුවාය. මව ක්‍රියාවිරහිත වූ පරිගණකය ඔවුන්ට පෙන්වා දියණිය සමඟ තේ පිළියෙළ කිරීම සඳහා මුළුතැන්ගෙට පිවිසියාය. බන්දේසියක තැබූ තේ කෝප්ප දෙකක්, කේක් සහ කෙසෙල් ද රැගෙන පැමිණි දියණිය ඒවා කාර්මිකයින්ට පිළිගැන්වූවාය.


මිස් කොම්පියුටර් එක පාවිච්චියට ගන්න බැහැ. සේරම පිච්චිලා. අලුත් එකක් ගන්නැයි පැවැසූ ඔවුහු පිටව ගියහ.


දිනක් එම නිවසට පැමිණි පරිගණක අලෙවි කරන ආයතනයක නෑදෑයෙක් ක්‍රියාවිරහිත වූ පරිගණකය ගැන විමසූ අතර ඔවුන් පැවසුවේ එය පිළිස්සී ඇති බවය. පරිගණකය ගලවා පරීක්ෂා කළ ඥාතියා “කව්රුවත් මේක ගැලෙව්වාදැයි” විමසීය. “ඔව් ඔව් ටෙක්නීසියන්ලා ඇවිල්ලා බැලුවා. එයාලා කිව්වා මේක පිච්චිලා කියලා.  දියණිය කීවාය. එවිට ඥාතියා පැවසුවේ පරිගණකයේ වටිනා උපාංග කිහිපයක් දක්නට නොමැති බවය.


Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »