Home / දෙයියෝ සාක්කි / අනියම් පෙම හෙළිවී තවත් රහසක් එළියට

අනියම් පෙම හෙළිවී තවත් රහසක් එළියට

2016-11-28 09:19:00       673
feature-top
එකම පවුලේ අයියා සහ නංගී විවාහ වී දිවි ගෙවමින් සිටියදී අයියාගේ බිරියත් නංගීගේ සැමියාත් අතර ඇති වූ අනියම් සම්බන්ධයක් දුරදිග යාම හේතුවෙන් අයියාගේ බිරියට සිටි අවුරුදු එකහමාරක පුතාද රැගෙන පැදුරටත් නොකියා  පලා යාමෙන් අයියා සහ නංගී පමණක් ඉතිරි වුණු දෛවෝපගත සිද්ධියක් පිළිබඳව  තොරතුරු කොට්ටාව පොලිසියෙන් වාර්තාවේ.

පලාගිය කාන්තාවගේ සැමියා දැනට විදේශ රැකියාවක නිරතව සිටින අතර ලංකාවේ තනි වී සිටින ඔහුගේ නැගණිය සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් පොලිසියට කර ඇති බව පැවසේ.

සිද්ධිය සැකෙවින් මෙසේය.

කොට්ටාව ප්‍රදේශයේ එකම පවුලක අයියා සහ නංගි විවාහ වී වෙන වෙනම දෙතැනක  ජීවත් වූහ.  ඥාති සබඳතාව උඩ දිවා රෑ නොබලා මොවුන් එකිනෙකාට  උදව්කර ගනිමින් ජීවත් වූහ.

අයියාගේ විවාහයෙන් අවුරුදු එකහමාරක පුතෙක්ද සිටියි. පවුල් දෙකේම ආර්ථික අපහසුතා එමටය. ඒ නිසාම අයියාගේ පවුලේ පැවැති අගහිඟකම්  නිසාම ඔහු මීට මාස කිහිපයකට පෙර විදේශ රැකියාවකට ගියේය. පසුව නිවසේ තනිව ඉතිරි වු දරුවාට සහ අයියාගේ බිරිඳට උදව් කිරීම සඳහා නංගීත් නංගීගේ සැමියාත් එම නිවසට නිතර නිතර යාම් ඊම් කළහ.

මේ අතරතුරදී නංගීගේ සැමියා විදේශගත අයියාගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පටන් ගත්තේය. මෙය කෙමෙන් කෙමෙන් දුර දිග යාමේදී දෙපාර්ශ්වයේ ඥාතීන්ගේද කන වැකුණි. ප්‍රශ්නය දුරදිග යයි. මේ අතරතුර විදේශගත සැමියා ලංකාවට එන වගට තොරතුරක්ද ලැබෙයි. ඔහු ලංකාවට පැමිණියහොත් මහත් ව්‍යසනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි සිතා මොවුන් දෙදෙනා මේ සඳහා අපූරු උපායක් කතිකාකර ගත්හ.

දිනක් ඇය තම  අවුරුදු 1 1/2 පුතුද  සමග පැදුරටත් නොකියා  අනියම් පෙම්වතා  සමග පලා ගියේය.

මේ සිද්ධිය පිළිබඳව පොලිසියට ලද  පැමිණිල්ලකට අනුව පාර්ශ්ව තුනේම වැඩිහිටියන් සහ පලාගිය යුවළද පොලිසියට කැඳවනු ලැබූහ.

මතුව ඇති ගැටලුව පිළිබඳව කරුණු පහදා දී සමථයකට පත් කිරීමට පොලිසිය උත්සාහ දැරුවද නව යුවළ පොලිසියට පවසා ඇත්තේ අපි සතුටින් සමගියෙන් සිටිනා බැවින් පෙර පරිදි ජීවත් වීමට අකමැති බවයි.

 ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව පොලිසියේ  නිීතිමය පියවර ගැනීමට සැරසෙද්දී අනාවරණය වූයේ අපූරුතම කරුණකි. එනම් පවුල් දෙකම නීත්‍යානුකූලව විවාහ වී නොමැති බවයි.

ඒ අනුව එහි සිටි කවුරුත් කතා බහ වූයේ කසාද නොබැඳ පවුල් කන කාටත් මෙය අපූරු පාඩමක් බවයි.


Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

More News »