Home / දෙයියෝ සාක්කි / හිඟන්නාට ඇටවූ උගුලේ නෝනා හිරවෙලා

හිඟන්නාට ඇටවූ උගුලේ නෝනා හිරවෙලා

2016-10-26 10:58:00       676
feature-top
වත්තලට නුදුරු ගමක පිහිටි මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයකි. කාමර දෙකකින් යුත් නිවාස 30කින් පමණ සමන්විතවූ එම නිවාස යෝජනා ක්‍රමය වෙත සතියකට වරක් බැගින් සෑම ඉරිදා දිනකම හිඟමන් ඉල්ලා පැමිණෙන හිඟන්නෙක් සිටියේය.

සතියකට වරක් පමණක් පැමිණෙන නිසා එන සෑම අවස්ථාවකදීම අඩුම වශයෙන් රුපියල් දහයක්වත් හිඟන්නාට දීමට එහි නිවැසියෝ පුරුදුවී සිටියහ.
 නිවාස යෝජනා ක්‍රමයේ එක් නිවසක පදිංචිවී සිටි උදවිය හිටි හැටියේම විදෙස් ගතවීම නිසා එම නිවස වෙනත් පවුලකට කුලී පදනම මත ලබාදෙනු ලැබීය.
ඊළඟ ඉරිදා දිනයේ එම නිවාස යෝජනා ක්‍රමය වෙත  හිඟමනේ පැමිණි හිඟන්නා අදාළ නිවාස වෙතද ගොස් ගේට්ටුව ශබ්ද කර හිඟමන් ඉල්ලා සිටියේය.
එම නිවසට අලුතින් පැමිණි පවුල ඉතාමත් ලෝභ පවුලක් බව හිඟන්නා දැන නොසිටියේය. ගේට්ටු ශබ්දය ඇසී ඒ දෙසට පැමිණි කාන්තාව නිවසේ කලින් සිටි කාන්තාව නොවන බව දැනගත් හිඟන්නා කෑගසා හිඟමන් ඉල්ලීය.

 කාන්තාව හනික ආපසු ගොස් ඉක්මනින් පැමිණ රුපියල් දෙකේ කාසියක් හිඟන්නා අත තැබුවාය. එය දුටු හිඟන්නාට තදින්ම කේන්ති ගියේය.

“රුපියල් දෙකකින් මොනවද ඕයි කරන්ඩ පුළුවන්? පොල් අතු ගෙවල් වලිනුත් රුපියල් දහයක් පහළොවක් හම්බවෙනවා. මේ වගේ ගෙදරක ඉඳන් රුපියල් දෙකක් දෙන්ඩ ලැජ්ජාවක් නැද්ද?” හිඟන්නා තදින් කියාගෙන ගියේය.

 එයින් ලැජ්ජාවටත් කේන්තියටත් පත්වූ කාන්තාව ලැජ්ජාව වසා ගන්නටත් හිඟන්නා ලැජ්ජාවට පත් කිරීමටත් සිතා උපායක් යෙදුවාය.

 රුපියල් දෙකක් දුන්නේ මාරු සල්ලි නැති නිසයි. මේ වෙලාවේ ගෙදර තියෙන්නේ සේරම රුපියල් දෙදාහේ කොළ විතරයි. මාරු සල්ලි තිබුණානං රුපියල් පනහක් ලේසියෙන්ම දෙන්ඩ තිබුණා. ඔහේ ළඟ ඒ තරම් සල්ලි නැති එකට මං පලි නැහැ” කාන්තාව එසේ කීවේ හිඟන්නා ලැජ්ජාවට පත්වී ආපසු යාවි යැයි සිතාගෙනය.

එහෙත් හිඟන්නා සටන අත්හැරියේ නැත. ඔහු වහාම තම කරේ එල්ලාගෙන තිබුණු බෑගය තුළින් මුදල් පසුම්බිය එළියට ගෙන එයින් රුපියල් 1950ක් අතට ගත්තේය.

‘ඉතුරු රුපියල් 1950 මට දෙන්ඩ පුළුවන්. රුපියල් දෙදහසේ කොළේ මට දෙන්න.” හිඟන්නා එසේ කී විට කාන්තාව ලැජ්ජාවට පත්වී ආපසු යන්නට ගියාය.  

lankadeepa.lk


More News »