Home / දෙයියෝ සාක්කි / වසර ගණනාවක් පෙම්කළ පෙම්වතිය කෙස්වැටියෙන් අල්ලා පොලිසි ගෙනත්

වසර ගණනාවක් පෙම්කළ පෙම්වතිය කෙස්වැටියෙන් අල්ලා පොලිසි ගෙනත්

2016-10-06 10:29:00       361
feature-top
අවංක චේතනාවෙන් වසර ගණනක් තිස්සේ මුළු හදවතින්ම ආදරය කළ පෙම්වතිය තමන්ට හොරා වෙනත් කෙනකු හා පෙම්සුව විඳිමින් සිටිද්දී ඇය අතටම අල්ලාගෙන එම ගැටලුව විසඳීමට පොලිසියේ සහාය පැතූ අහිංසක පෙම්වතෙක් පිළිබඳ පුවතක් කුරුණෑගල බස් නැවතුම්පොළ පොලිස් මුරපොළින් වාර්තාවිය.

කුරුණෑගල නගරයෙන් තරමක් ඈත පිහිටි ගම්මානයක පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන මොහු අසල ගමක 20 හැවිරිදි තරුණියක සමග පෙමින් වෙලිණි.

ඔහු ඇයට බොහෝ ආදරය කළේය. කවදා හෝ දිනක මඟුල් පෝරු මස්තකව ගමටම මඟුල් කියා ඇය තම සහකාරිය කර ගැනීමේ චේතනාවෙන් වසර කිහිපයක් තිස්සේ මොහු ඇය මලක් මෙන් රැක ගත්තේය.

කොළඹට වී රෑ නිදි වරමින් උපයා ගන්නා සොච්චම් වැටුප සහමුලින් ඔහු විය පැහැදම් කළේ තවමත් අධ්‍යාපනය අවසන් නොකළ තම ආදරණීය පෙම්වතිය වෙනුවෙනි. ඇයට අවශ්‍ය කුමක්ද ඔහු වහා එය ඉටුකළේය.

පසුගිය දිනක නිවාඩු දමා නිවෙසට පැමිණි ඔහු පෙම්වතිය සමඟ දින කිහිපයක් ඇය කියන සියලු තැන් වලට ගෙනගොස් ඉල්ලන  සියලු දේ මිලට ගෙන ඇයව සතුටු කළේ හදේ උතුරා යන ආදරය නිසාය.

නිවාඩු දින කිහිපය නිමා වී යළිත් රැකියාවට කොළඹ ගිය මොහුට ඉතාමත් හදිසි කටයුත්තකට නැවත තම නිවෙසට පැමිණීමට සිදුවිය. කිසිවකුටත් නොදන්වා හදිසියේ නිවෙසට පැමිණි මොහු අදාළ අවශ්‍යතාව ඉටු කරගෙන එදිනම කොළඹ බලා යාමට කුරුණෑගල බස් නැවතුම්පොළට පැමිණියේය. බස් නැවතුම්පොළට වී කොළඹ බසයක් එනතුරු සිටි මොහුට හදිසියේ තමන් ඉදිරියෙන් ගමන් ගන්නා තම පෙම්වතිය ඇස ගැටුණි.

ඇය තවත් තරුණයෙකු හා පෙමින් වෙලී අතිනත් අල්ලාගෙන ගමන් කරනු ඔහු දුටුවේය. තම ඇස් අදහාගත නොහැකිව මොහොතක් ඒ දෙස බලා සිටි ඔහුට උන්හිටි තැන් අමතක විය. මේ සිටින්නේ වසර ගණනක් තමන් නිර්මල හදවතින් පෙම්කරන තම ආදරියයි. වහා ඉදිරියට පැන ඇයගේ කෙස් වැටියෙන් අල්ලා ගත් ඔහු දෙනෝදාහක් බලාසිටියදී ඇය ඇදගෙන ගියේ බස් නැවතුම්පොළේ පොලිස් මුර කුටිය වෙතය.


දෙදෙනා දෙපසට කොට සිද්ධිය පිළිබඳ තොරතුරු විමසූ පොලිස් නිලධාරීන්ට පෙම්වතිය විසින් ඉතාමත් නිර්දය ලෙස පෙම්වතා රවටා ඇති බව හෙළිවිය. එම අවස්ථාවේ බොහෝ වේලාවක් තිස්සේ දෙදෙනාටම තරයේ අවවාද කොට ඔවුන් පිටත්කර හැරීමට පොලිස් මුරපොළේ නිලධාරීන් පියවර ගත් අතර එම ස්ථානයෙන් පිටව යන පෙම්වතා අමතා පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ මෙවැනි චපල කෙල්ලෙකුට රැවටී ජීවිතය මුලාවේ හෙළා නොගෙන අවංක තරුණියක් සොයා ගන්නා ලෙසය. එමෙන්ම මෙවැනි වංක පෙම්වතියන් නිසා පවුල් පිටින් ඝාතනය කොට තම වටිනා ජීවිත අමු අමුවේ කාලකණ්ණි කරගන්නා සියලු පෙම්වතුන්ට මෙම තරුණයා ආදර්ශයක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ කාටත් ඇහෙන ලෙසය.


Wmqgd .ekSu oekqu weiqfrks

More News »