Home / දෙයියෝ සාක්කි / මදුරුවන් හොයන්න ඇවිල්ලා රා මදින්නා මට්ටු වෙලා

මදුරුවන් හොයන්න ඇවිල්ලා රා මදින්නා මට්ටු වෙලා

2016-10-03 11:01:00       671
feature-top
ගමේ ඩෙංගු බෝවන ස්ථාන පරීක්‍ෂා කර ජනතාව දැණුම්වත් කිරීමට පැමිණෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පිරිසක් දුර තියා දුටු රා මදින්නකු රා මුට්ටුයක් පොළවේ ගසා පණ එපා කියමින් දිව යාමේ පුවතක්  හද්දා පිටිසර ගම්මානයකින් ලංකාදීපයට වාර්තාවේ.

 සිද්ධිය මෙසේය.

 එය ඌව පළාතේ හද්දා පිටිසර ගම්මානයකි. අමතර රස්සාවක් ලෙස මේ ගමේ බොහෝ දෙනෙකු කිතුල්මැදීම සිදුකළහ. එය සිදුකළේ බොහෝ පරෙස්සමින් හා විමසිල්ලෙනි.

පසුගිය දිනෙක ගමේ නම ගිය කිතුල් මදින්නෙකු වට පිට බලා ගසට ගොඩ වූයේ පෙරේදා රාත්‍රියේ ගසට බැඳි තෙළිදිය මුට්ටිය  බාගෙන මලත් මැද හනික බිමට බැසීමේ අටියෙනි.

 ගසට ගොඩවී සිය කාර්ය නිමාකර තෙලිදිය මුට්ටියත් රැගෙන ඔහුට ගසින් බිමට බැසීමට හැකිවූයේ අඩි කීපයක් පමණි.

 කිතුල් ගසේ අතු අතරින් ඔහුට දැක ගන්නට ලැබුණේ තමන් සිටින දෙසට පැමිණෙමින් සිටින කාකි ඇඳුම් ඇදගත් කීපදෙනෙකි.

 දුටු දසුනෙන් දැඩි භීතියට පත් හෙතෙම කොතරම් වේගයෙන් ගසින්  බිමට බැස්සේද යත් අතේ තිබූ මුට්ටිය ද බිමට වැටී කුඩුවි ගිය අතර ඔහු කැලෑවට වැදී පැන දිව්වේ කැලෑවේ තිබූ කටු අකුල්ද අමතක කරමිනි.

තම ගමේ උදවිය ඩෙංගු උණ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පැමිණි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පිරිසකට තමන් බිය වී ඇති බව පැය කීපයකට පසුව කැලෑවෙන් එළියට පැමිණි ඔහුට අසන්නට ලැබුණි.


Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »