Home / දෙයියෝ සාක්කි / ත්‍රිරෝද රියේ හයර් එක නොදී මාරුවී ආරක්ෂකයකුත් ගොනාට අන්දලා

ත්‍රිරෝද රියේ හයර් එක නොදී මාරුවී ආරක්ෂකයකුත් ගොනාට අන්දලා

2016-09-07 10:35:00       199
feature-top
ගබඩා සංකීර්ණයකට ඇතුළු වූ කහපාට ටීෂර්ටයක් හැඳ අව් කණ්ණාඩියකින් සැරසුණු පුද්ගලයෙකි. ඔහු අත කුඩා පාර්සලයක් විය. “කොහාටද යන්නේ” ආරක්‍ෂක නිලධාරියා විමසීය. “මම හරි අමාරුවෙන් ඉන්නේ. මට ටොයිලට් එක පෙන්නනවද” ඔහු බැගෑපත් විය. අනුකම්පා කළ ආරක්‍ෂක නිලධාරියා වැසිකිළිය පෙන්විය.

වැසිකිළිය තුළට ගිය පුද්ගලයා වෙනුවට ඉවතට පැමිණියේ වෙනත් අයෙකි. කල්පනාවක නියැලී සිටි ආරක්‍ෂක නිලධාරියා “දැන් ඔයාද ටොයිලට් එකට ගියේ” යනුවෙන් ඇසීය. “ඔව් මම තමයි. ටී ෂර්ට් එක කිළිටි නිසා මාරු කරගත්තා” රතුපාට කමිසයකින් සැරසී අව් කණ්ණාඩිය නොමැතිව  සිටි ඔහු සිගරැට් කිහිපයින් ආරක්‍ෂක නිලධාරියා අත තැබූ හෙතෙම පිටව ගියේය.

 විනාඩි දහයකින් එතැනට පැමිණි තරුණයෙක් “අයියා මේක ඇතුළට කහපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන සන් ග්ලාස් එකක් දාගත්ත කෙනෙක් ගියාදැයි” ආරක්‍ෂක නිලධාරියාගෙන් විමසීය. “ඔව් ඔව් ටොයිලට් එකටත් ගිහිල්ලා ඇඳුමක් මාරු කරගෙන යන්න ගියා”හෙතෙම පැවසීය.

“හරි වැඬේනේ මගේ ත්‍රීවීල් එකේ කිරිබත්ගොඩ ඉඳන් ආවේ. මෙතැනට ඇවිල්ලා කිව්වා මේක අපේ බොස්ගේ ඔෆීස් එක. එයාගේ කාර් එක තියෙනවා. ටිකක් ඉන්න මම සල්ලි අරන් එන්නම්” කියලා යැයි තරුණයා පැවසීය. “කීයද හයර් එක” ආරක්‍ෂක නිලධාරියා විමසූ විට “රුපියල් හත්සිය පනහයි” පැවසූ තරුණයා ත්‍රීරෝද රථය වෙත පැමිණියේය.


More News »