Home / දෙයියෝ සාක්කි / බලු සෙනෙහසක්

බලු සෙනෙහසක්

2016-09-05 10:53:00       360
feature-top
පොලොන්නරුවට ආසන්න පිටිසර ගමක යුවතියකි. සතුනට ඉතාමත් ආදරය කළ ඇය, මගතොටේ සිටින බල්ලන්ට බළලුන්ට පවා කන්න දෙන්න කිසි විටකත් අමතක නොකළාය. තමන්ට කෑමට ඇති දේ පවා සතුනට ආහාරයට දීමෙන්  ඉතාමත් සතුටු වූ ඇය, සතුනට ඇති කරුණාව නිසාම සිය නිවසේ ද සතුන් ඇති කළාය. පසුගියදා ඇගේ සැමියාගෙන් ඇයට අපූරු තෑග්ගක් ලැබිණි. ඒ ලස්සන බලු පැටවෙකි.

බලුපැටවා ආදරයෙන් රැකබලා ගන්න අතරතුර හදිසියේ රෝගාතුර විය. රාත්‍රි කාලයේ වූ නිසා සිය පියා ද සමග බලු පැටවාට බේත් රැගෙන ඒමට පශු වෛද්‍යවරයකු සොයා ගිය අතර, රෝගී බලු පැටවා පරීක්ෂා කළ වෛද්‍යවරයා ෆාමසියකින් ලබාගැනීමට බෙහෙතක් නියම කළේය.

හොඳින් රෙදිකඩක ඔතා ගත් බලුපැටියා තුරුළු කරගත් මෙම යුවතිය ෆාමසිය දෙසට පියමන් කළාය. ෆාමසිය අසල සිටි මැදි වියේ පුද්ගලයකු මෙම කාන්තාව දෙස විපරම් කර බලා සිට ඇය දෙසට හෙමින් පියමන් කළේ රාත්‍රියේ හමුවූ යුවතිය හා කතා කර හැඳුනුම්කමක් ඇතිකර ගැනීමේ අටියෙනි. එම යුවතිය ඇඟට තුරුළු කරගෙන සිටින දේ ගැන බැලූ ඔහු ඇගෙන් ඇසුවේ ඔය වඩාගෙන ඉන්න දරුවා ඔහොම ඔතාගත්තාම හුස්ම ගන්න පුළුවන් දැයි යනුවෙනි. ඇයට මද සිනාවක් පහළ විය. ඇය හෙමින් සීරුවේ ඔහුට ළං වී රෙදිකඩ ඉවත්කර තමන් ඔතාගෙන සිටින්නේ බලු පැටවකු බව පෙන් වූ විට එම පුද්ගලයා අයියෝ යනුවෙන් පවසා හෙමින් සීරුවේ එතැනින් මාරු විය

More News »