Home / දෙයියෝ සාක්කි / සූර්පිට උච්ඡ ස්වරය අල්ලද්දී හක්ක පැනලා

සූර්පිට උච්ඡ ස්වරය අල්ලද්දී හක්ක පැනලා

2016-08-29 09:57:00       673
feature-top
කාර්යාලය මගින් සංවිධානය කළ විනෝද චාරිකාවකට එක් වී ගමන ආරම්භයේදීම පදම ඉක්මවා මත්පැන් පානය කළ පුද්ගලයකු ජනප්‍රිය ගීතයක් උච්ඡස්වරයෙන් ගායනා කිරීමට ගොස් හක්ක පන්නා ගැනීම නිසා චාරිකාව පසෙක තබා ඔහුගේ මිතුරු පිරිසට පැය කීපයක් රෝහලක රස්තියාදු වීමට සිදු වූ බව කියවෙන පුවතක් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

ප්‍රදේශයේ එක්තරා ආයතනයක් වසරක් පාසා දින දෙකක විනෝද චාරිකාවක් සංවිධානය කරයි. මෙවර ද ඊට එක් වූ පිරිමි පාර්ශ්වය කල්තබාම මත්පැන් බෝතල් කීපයක් මිලදී ගත්තේ අතරමගදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් එල්ල වන විරෝධතාව දන්නා නිසාය. කාලය එන තෙක් ඉවසා සිටිය නොහැකි වූ කීප දෙනකු උදෑසනින්ම බෝතලයක් හිස් කළේ ගමන ආරම්භ වන්නටත් මත්තෙනි. තවදුරටත් අවශ්‍යය අඩුම කුඩුමද රැගෙන බස් රථයේ පසුපසට ගිය පිරිස පැරණි ගීත කීපයක් ගායනා කරමින් සංගීතයකට මුල පිරුවේ ගමනට සහභාගී වූවන්ටත් පුංචි විනෝදයක් එක් කරමිනි.

මේ අතර එහි සිටි පදම ඉක්ම වූ මැදිවියේ පුද්ගලයකු මේ දිනවල රූපවාහිනී නාළිකාවක විකාශය වන හින්දි ටෙලි නාට්‍යයක තේමා ගීතය ගැයීමට සූදානම් වූයේ තම දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් කර ගනිමිනි. තම සියලු හැකියාවන් පෙන්වමින් එහි ස්වර හැසිර වූ ඔහුට විටෙක ඒ සඳහා අසුනෙන් නැගිටීමට
පවා සිදුවූයේ ගීතය ඒ තරමටම ගායනා කිරීම අපහසු නිසාය.

උච්ඡස්සවරයෙන් ගීතය ගායනා කළ හෙතෙම කීප විටක්ම තම හකු ප්‍රදේශයට අත යවමින් ගීතය ගායනා කළේය. අවසානාවක තරම, මොහොතක් ගතවෙද්දී ඔහු ගීතය නවතා මර හඬ තලන්නට වූයේ තම අතපයද එහේ මෙසේ විසුරවමිනි. කලබැගැනිය කුමක්දැයි සොයා බලද්දී මිතුරු පිරිසට දැන ගන්නට ලැබුණේ මිතුරාගේ හක්ක පැන ඇති බවකි. අතර මග හමු වූ රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර රැගෙන යළි පිරිස පිටත් වනවිට ඉර මුදුන් වීමටද ආසන්න වෙමින් පැවැතිණ.


Wmqgd .ekSu oekqu weiqfrks

More News »