Home / දෙයියෝ සාක්කි / තනියම කසිප්පු පෙරන්න ගිහින් ගමටම වනවෙලා

තනියම කසිප්පු පෙරන්න ගිහින් ගමටම වනවෙලා

2016-08-16 10:38:00       673
feature-top
ගමේ හිතවතුන්ට හොරා කැලෑ රොදකට රිංගා  කාටත් හොරා තනිවම කසිප්පු පෙරා පානය කිරීමට පුරුදුවී සිටි පුද්ගලයකු ගෝඩා බැරලයක් පිපිරි පිලිස්සුම් තුවාල ලැබීමෙන් පසුව තම ගම්මුන්ගේ සහයෙන් රෝහල් ගතවූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය.

ගමේ අයකුගෙන් දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.

එය තරමක් පිටිසර ගම්මානයකි.

මත්පැන් පානයට පුරුදුවී සිටි තරුණයකු කාටත් හොරා ගම් ආසන්නයේ පිහිටි වන ලැහැබකට රිංගා කසිප්පු පෙරා පානය කරන්නට වූයේ නීතියට ඇති බිය මෙන්ම සිද්ධිය ආරංචි වුවහොත්  තම හිතවතුන්ටද ඉන් කොටසක්  දෙන්නට වන බව  දන්නා නිසාය.

සුපුරුදු පරිදි කසිප්පු වඩියක් පෙරෙන්නට සිතු ඔහු අවශ්‍ය කළමනාද රැගෙන කැලෑ රොදට  රිංගුවේ ගමේ කිසිවකුටත් ඇස නොගැටෙන පරිද්දෙනි.

කල් යල් බලා රෑ බෝවෙද්දී ගෝඩා බැරලයට ගිනි තැබූ ඔහු ඒ අසලම වාඩිවී විමසිල්ලෙන්  සිටියේ එහි පදම එනතුරුය. කරුමයකට මෙන් මහ හඬක් නංවමින් කසිප්පු බැරලය පුපුරා ගියේ එහි වාෂ්පයෙන් ඔහුගේ සිරුරේ දෑත් දෙපා ඇතුළු ස්ථාන රැසක් පුළුස්සා දමමිනි.

නොසිතූ මොහොතක වූ සිද්ධියෙන් දැඩි වේදනාවට පත් හෙතෙම මර හඬ තලමින් ගම දෙසට දිව ගියේ තම දිවි ගලවා ගන්නට ආධාර ඉල්ලමිනි.

දැඩි වේදනාව මැද්දේම සිද්ධිය විස්තර කළ හෙතෙම එය රහසක් ලෙස තබා ගෙන තමා වහාම රෝහල වෙත රැගෙන ගොස් දිවි බේරා දෙන්නැයි කන්නලව් කළේ පොලිසියට අසු වුවහොත් ඇති වන විපාකය පිළිස්සුම් තුවාලයටත් වඩා වේදනාවක් බව දන්නා නිසාය.

කෙසේ වෙතත් තම හිතවතාට අනුකම්පා කළ ගමේ තරුණ කැල පිරිස ඔහු වහාම රෝහලට රැගෙන ගියේ තම මිතුරා වෙනුවෙන් තවත් බොරු හතට අටක්ද ගොතා ගෙනය. 


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »