Home / දෙයියෝ සාක්කි / හිසකෙස් හැඩ කරන්න හීටරය කෙස් උඩ තියලා: තරුණයා රෝහලේ

හිසකෙස් හැඩ කරන්න හීටරය කෙස් උඩ තියලා: තරුණයා රෝහලේ

2016-08-12 10:49:00       673
feature-top
මිතුරකු දුන් උපදේශයක් අනුව තම හිසකෙස් හැඩ ගැන්වීම සඳහා රත්කළ හීටරයක් හිස කෙස් මත තැබූ තරුණයෙකු දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව කියවෙන පුවතක් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

පාසල් විය ඉක්මවූ ඔහු ජීවිකාව ලෙස පෙදරේරු වෘත්තියේ නියැළුනද තම රූප සෝභාව ගැන මෙන්ම විලාසිතා ගැනද ඉහළ උනන්දුවක් දැක්වූ පුද්ගලයෙක් විය.

වැඩ බිමට යද්දී මෙන්ම ඉන් පිටව යද්දීද ඔහු තම ඇඳුම් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූයේ ඔහු පෙදරේරුවෙකු යැයි කිසිවෙකුටත් සිතාගන්නට නොහැකිවන පරිද්දෙනි.

ක්‍රීම් වර්ග මෙන්ම විවිධ සුවඳ විලවුන් වර්ගවලට සිය වැටුපෙන්ද හෙතෙම විශාල මුදලක් වෙන් කළේ සිය මිතුරන්ගේ අවවාද පවා නොසලකා හරිමිනි.
ඔහු පිළිබඳ දන්නා ඔහුගේ වැඩපළේ මිතුරු පිරිසද වැඩපොළ අතරතුරදී රූපලාවන්‍ය පිළිබඳ ඔහුට විවිධ උපදෙස් ලබාදුන්නේ ඒ පිළිබඳ ඔහු තුළ ඇති උනන්දුව නිසාමය.

සිය හිසකෙස්වල පිහිටීම පිළිබඳව දැඩි කණස්සල්ලෙන් සිටි ඔහු තම කේෂ කලාපය කර්ල් කර ගැනීමට මගක් බලමින් හිඳිනු දුටු වැඩපොළේ එක් මිතුරෙකු ඊට කදිම උපදෙසක් දුන්නේ සෙසු පිරිසගේද සහයෝගය මතය.

“මචං, කොණ්ඩ හදන තැනක මම කාලයක් වැඩකළා. ඒ අය කරන්නේ අපි වතුර උණුකරන හීටරයක් රත්කරල ගානකට ඔලුවේ කොණ්ඬේ උඩින් තියන එකයි.” සිය මිතුරාගේ කතාව විශ්වාස කළ හෙතෙම වැඩ ඇරී නිවස බලා ගියේ රුපියල් 800ක් පමණ වැයකර අලුත්ම හීටරයක්ද මිලදීගෙනය.

කෙසේ වෙතත් පසුදින තම මිතුරා සේවයට පැමිණ නැති බව දුටු මිතුරු පිරිස ඒ පිළිබඳ සොයා බලද්දී ඔවුන්ට අසන්නට ලැබුණේ හිසට සිදුවූ දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙන් පෙරදින රාත්‍රියේදීම ඔහු නගරයේ රෝහලකට ඇතුළත් කළ බවකි.

කෙසේ වෙතත් දැන් මිතුරු පිරිස ඔහු මගහැරීමට උත්සහ කරන බවද දැනගන්නට ඇත.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »