Home / දෙයියෝ සාක්කි / දඩ පහයි: ඔබට සතුටුයිද දැන්

දඩ පහයි: ඔබට සතුටුයිද දැන්

2016-08-08 10:46:00       674
feature-top
c රැුහැනට කොටු කර ගැනීම සඳහා රාජකාරියේ යෙදී සිටින පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් මාර්ගයේ ඉදිරි ස්ථානයක සේවයේ යෙදී සිටින බව තමුන් ඉදිරියට පැමිණෙන රියැදුරන්ට දැනුම් දීම සඳහා තම වාහනයේ ප‍්‍රධාන විදුලි පහන ක‍්‍රියාත්මක කරමින් සංඥා කළ රියැදුරකු ඔහුටත් නොදැනීම තවත් එවැනිම පොලිස් නිලධාරීන් පිරිසකට කොටුවී දඩයක් ද ගෙවීමට සිදුවීමේ පුවතක් වාර්තා වේ.

සිද්ධිය මෙසේය

ප‍්‍රධාන මාර්ගයක ධාවනය වන වෑන් රථයකි. මාර්ග සංඥා කඩ කරමින් නීති විරෝධී අන්දමින් වාහන පදවන රියැදුරන් කොටුකර ගැනීම සඳහා සේවයේ යෙදී සිටින පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් මාර්ගය අයිනේ සිටිනු දැක ඔහු තම වාහනය ධාවනය කරන අතරතුර ඔහුගේ වාහනයේ ප‍්‍රධාන විදුලි පහන් දල්වමින් ඒ බව තමා ඉදිරියෙන් එන සෙසු වාහනවලට ද දන්වා සිටියේ කිසියම් යුතුකමක් ඉටු කරන පරිද්දෙනි. (මාර්ග පරීක්ෂාවේ යෙදෙන පොලිස් නිලධාරීන් මාර්ගයේ ඉදිරියෙන් සිටී නම් රියැදුරෝ තම වාහනයෙන් විදුලි පහන් ක‍්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් සෙසු රියැදුරෝ දැනුම්වත් කරති).
වාහන පරීක්ෂාවේ නිරත පොලිස් නිලධාරීන් පිරිස පසුකර පැමිණීම නිසා සිත සැහැල්ලූ කරගත් වෑන් රථයේ රියැදුරු මහතා වාහනයේ සිටි පිරිස සමග ද උජාරුවෙන් කතා කරමින් ජයග‍්‍රාහී ලීලාවෙන් තම වාහනය හැටට හැටේ පදවන්නට වූයේ නොකඩවාම තම වාහනයේ විදුලි පහන් ද විටින් විට ක‍්‍රියාත්මක කරමිනි.

කෙසේ වෙතත් ඔහුට ගමන් කරන්නට හැකි වූයේ කිලෝමීටර් දෙක තුනකටත් වඩා අඩු දුරකි. වේගවත් විසිල් හඬකින් ඔහු පියවි ලොවට පැමිණෙද්දී ඔහු ඉදිරිපසින් දැක ගන්නට ලැබුණේ පොලිස් රථවාහන අංශයක තවත් නිලධාරි පිරිසකි.

‘‘මොකෝ මහත්තයා මේ දවල් ලයිට් දාගෙන මේ තරම් වේගයෙන්’’ පොලිස් නිලධාරියා කාරුණිකව ඇසූ පැනයට නිහඬව සිටිනු විනා උත්තරයක් ඔහුට නොවීය.

රථවාහන අංශයේ නිලධාරී මහතා ඔහුගේ වාහනයේ ඇති වැරදි මෙන්ම සෙසු රියැදුරන්ට ද වැරදි කරන්නට අනුබල දීමේ ආදීනව කියා දෙද්දී තවදුරටත් මුනිවත රකිනු විනා ඔහුට කරන්නට අන් යමක් නොවීය.

අවසානයේ අනුන්ට නීති කඩන්නට උදව් කළ ඔහුට දඩ ගොඩකි. එකක් නියමිත වේග සීමාව ඉක්මවා වාහනය පැදවීමය. අනෙක රක්ෂණ සහතිකය රැුගෙන නොයාමටය. තව කිහිපයක් වාහනයේ අඩුපාඩුවලටය.

ඔහු දඩ කොළයත් රැුගෙන වාහනයට නගිද්දී වාහනයේම සිටි පොඩි එකෙක් ‘‘ඔබට සතුටුයි ද දැන්’’ යනුවෙන් කියනු ඇසිනි.


Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »