Home / දෙයියෝ සාක්කි / පොසොන් පෝදා අයිස්ක‍්‍රීම් වෙළෙන්දාට පොල්ලක්

පොසොන් පෝදා අයිස්ක‍්‍රීම් වෙළෙන්දාට පොල්ලක්

2016-06-29 10:00:00       729
feature-top
අයිස්ක‍්‍රීම් වෑන් රථය අසල කුඩා ළමයින් පමණක් නොව වැඩිහිටියෝ ද පිරී සිටියහ. අයිස්ක‍්‍රීම් අලෙවි කළේ පුද්ගලයින් දෙදෙනෙකි. අයකු කෝන්ස් වලට අයිස්ක‍්‍රීම් පුරවමින් සිටි අතර, අනෙකා මුදල් අයකර ඒවා නිකුත් කළේය. සමහරු අයිස්ක‍්‍රීම් හතඅට ඉල්ලූ විට තවත් සමහරු අපටත් ඉක්මනට දෙන්නැයි පැවසුවේ අලෙවිකරුට හුස්ම ගන්නවත් ඉඩක් නොතබමිනි.

ඒ අසලට පැමිණි තරුණයින් දෙදෙනෙකි. අයකු මට අයිස්ක‍්‍රීම් හතරක් දෙන්නැයි පැවසුවත්, වටේම ගැණුම්කරුවන් පිරී සිටි නිසා මුලින් ආවේ කවුදැයි අලෙවිකරුට හිතාගත නොහැකි විය. අයිස්ක‍්‍රීම් හතරක් මිල දී ගත් තරුණයා රුපියල් පන්සීයක් දුන්විට රුපියල් තුන්සිය අසූවක් ඉතිරි මුදල් වශයෙන් ලැබිණි. වහාම ඒ මුදලට රුපියල් සීයක් සමගින් සිල්ලර කාසි රුපියල් විස්සක් එකතු කළ තරුණයා මට දාහේ කොලයක්ම දෙන්නැයි පැවැසීය.

වටේ කරච්චලය මැද අන්දුන් කුන්දුන් වූ අයිස්ක‍්‍රීම් අලෙවිකරු දෙගිඩියාවෙන් දහසේ නෝට්ටුවක් තරුණයා අත තැබුවේ තවත් අයෙකුට අයිස්ක‍්‍රීම් නිකුත් කරන අතර තුරය. අයිස්ක‍්‍රීම් අලෙවි කරුගේ අවධානය වෙනතකට යොමුවීම නිසා ඔහුට රුපියල් පන්සීයක් අහිමි විය.

මෙම ලියුම්කරු ද අයිස්ක‍්‍රීමයක් මිලදී ගෙන තරුණයින් පසුපස ගියේ වංචාවක් සිදු වී ඇතැයි සැකයක් මතු වූ හෙයිනි. තරුණයෝ දෙදෙනා තවත් දෙදෙනකු සමග අයිස්ක‍්‍රීම් බෙදා ගත්හ. මුදල් ගෙවූ තරුණයා අන් අය අමතා තව ටිකකින් සෙනඟ ඉන්න තවත් අයිස්ක‍්‍රීම් වෑන් එකක් ගාවට යමුයැයි පැවැසීය.
පොසොන් පෝය දා අනුරාධපුර පූජනීය පෙදෙසේ දී මෙය සිදුවිය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »