Home / දෙයියෝ සාක්කි / හෝටල් හිමිකරුගේ දියණියට තොත්තුවක් දෙන්න ගිහින් කොත්තුවේ ඉතිරි මුදලත් නැතිවෙලා

හෝටල් හිමිකරුගේ දියණියට තොත්තුවක් දෙන්න ගිහින් කොත්තුවේ ඉතිරි මුදලත් නැතිවෙලා

2016-06-24 09:30:00       727
feature-top
කොත්තුවක් මිලට ගැනීමට හෝටලයක් වෙත ගිය එක්තරා තරුණයෙක් එහි සිටි හෝටලයේ හිමිකරුගේ රූමත් දියණියගෙන් තොත්තුවක් ද ඉල්ලීමට ගොස් ඉතිරි මුදල් රුපියල් 700ක මුදලක් ද අහිමි කරගත් පුවතකි මේ. එය වාර්තා වූයේ වයඹ පළාතේ කුඩා නගරයකිනි.

එම තරුණයා ප්‍රධාන මාර්ගය අසල වූ හෝටලයට ගොඩවූයේ සිය සමීප මිතුරන් දෙදෙනකු සමඟ මත්පැන් පානය කිරීම සඳහා බයිට් එකට චිකන් කොත්තුවක් මිලදී ගැනීමටය. එදින හෝටලයේ හිමිකරු තරමක අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා කොත්තු රයිස් ආදිය පාර්සල් කර පාරිභෝගිකයින්ට දෙනු ලැබුවේත් පාරිභෝගිකයන්ගෙන් මුදල් ගනු ලැබුවේත් ඔහුගේ දියණිය විසිනි. හෝටල් හිමිකරු මුදල් ගන්නා කවුන්ටරය අසලම වාඩි වී විවේකයෙන් සිටියේ සියලු කටයුතු අධීක්‍ෂණය කරමිනි.

තරුණයා චිකන් කොත්තුවක් ඇනවුම් කළ අතර ඔහුගේ කොත්තුව දමන තෙක් ඔහුට ටික වේලාවක් එහි රැඳී සිටීමට සිදුවිය. තරුණයා ඇනවුම් කරන ලද කොත්තුව සකස්කර අවසන් වූ පසු හෝටලයේ හිමිකරුගේ දියණිය එය පාර්සල් කර තරුණයාට ලබාදුන් අතර තරුණයා සාක්කුවෙන් රුපියල් 1000 නෝට්ටුවක් ගෙන එය හෝටලයේ හිමිකරුගේ දියණිය අතට දී කොත්තුව ගන්නා අතර වාරයේ නංගි තොත්තුවකුත් ගන්න පුළුවන්දැයි විමසීය.

තරුණයාගේ එම ප්‍රකාශය ඇසුණු හෝටල් හිමිකරු කෝපයට පත්ව තරුණයා වෙත කඩා පැන්නේ මොකද්ද කීවේයැයි පවසමිනි. සෙනඟ ඉදිරියේ කලබලයටත් ලැජ්ජාවටත් පත් තරුණයා ඉතිරි රුපියල් 700ක මුදල ද නොගෙන හෝටලයෙන් පිටතට පැමිණ සිය යතුරුපැදියෙන් එම ස්ථානයෙන් පිටව ගියේ විදුලි වේගයෙනි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »