Home / දෙයියෝ සාක්කි / කළ හොඳ පස්සෙන් එළවන් ඇවිදින්

කළ හොඳ පස්සෙන් එළවන් ඇවිදින්

2016-06-13 10:15:00       727
feature-top
මරණය පෙනි පෙනී  ඉතා අසාධ්‍ය තත්ත්වයේම සිටි සිය පුතු වාහනයක දමාගෙන ගොස් මිල මුදල්ද වියදම් කොට බෙහෙත් හේත් මිලදී ගෙන පුතුගේ ජීවිතය යළි ලබා දුන් තැනැත්තාගේ නිවස ඊළඟ දිනයේදී බිඳ ඔහු සතු වටිනා කැසට් රෙකෝඩරය සොරකම් කළ කම්බ හොරකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.

 ඔහු රැකියාවක් නොකර කාගේ හෝ දෙයක් කඩා වඩාගෙන ජීවත්වන්නෙකි. සිය දරු පවුලද නඩත්තු කරන්නේ එසේය. ඔහුගේ යාබද නිවසේ සිටියේ යමක් කමක් ඇති අයෙකි. ඔහුට යාන වාහන මෙන්ම වතුපිටිද තිබේ. ඒ නිසා ඔහු කාටවත් අතනොපා නැති බැරි අයටද උදව් උපකාර කරගෙන ජීවත් වූවේය. යමක් කමක් ඇති ඔහු යාබදව වෙසෙන මේ අයටද නිතර නිතර උදව්පදව් කළේය. ඔහුගේ දරුවන්ට කෑම බීමද දුන්නේය. පාසල් යාමට අවශ්‍ය අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණද දරුවන්ට රැගෙන දුන්නේ වරක් දෙවරක් නොව කිහිප වරක්මය.

එදා නැති බැරි ඔහුගේ එක පුතෙකුට හොඳටම අසනීප වී සිහිසුන්ව සිටියේය. ඔහු කෑගැසුවේ ආධාර උපකාර ඉල්ලා සිය පුතා බේරදෙන ලෙසය. මේ ශබ්දය ඇසුණු අසල්වාසී යමක් කමක් ඇති තැනැත්තා සිය වාහනය රැගෙන විත් දරුවා එයට දමාගෙන විත් නගරයේ පෞද්ගලික රෝහලකට පෙන්නුවේ රජයේ රෝහලට යාමට තව බොහෝ දුරක් යාමට ඇති නිසාත් දරුවාගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබූ නිසාත්ය

 එම පෞද්ගලික රෝහලෙන් ලැබුණු ප්‍රතිකාර හා බෙහෙත්හේත් වලින් ඔහුගේ පුතාට පැය කිහිපයක් යන්නට මත්තෙන් සිහියවිත් යළි යථා තත්ත්වයට පත්වූවේය. රෝහල් බිල ගෙවා ගැනීමට අසල්වැසියාට වත්කමක් නැති බව දැනගත් ඔහු රුපියල් දහස් ගණනක බිලක් ගෙවා සිය වාහනයෙන් දරුවා යළි නිවසට ඇරලවා අසල්වාසියට ලොකු උපකාරයක් කළා යැයි කියන පින් සිතුවිල්ලෙන්ය.

 සිය දරුවා වාහනයෙන් නැති බැරි කෙනා බස්සාගෙන ගියේ ඇති හැකි අසල්වැසියාට මුව නොසෑහෙන සේ ස්තූති කරමින්ය. ඔහු බොහෝ පින්පත් දෙමින්ය.

 මේ සිදුවීමට පසුදා ඇති හැකි අසල්වැසියා නිවසේ දොරගුළු දමා නිවසින් එළියට ගියේ අවශ්‍යතාවකටය. ඔහු යළි නිවසට එන විට නිවසේ සාලයේ තිබූ වටිනා කැසට් රෙකෝඩරය අතුරුදන් වී තිබිණ. නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුලු වූ සොරකු මේ කැසට් රොකෝඩරය රැගෙන ගොස් තිබුණි. සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිළි කළේය.

පොලිසිය අසල්වාසී කම්බ හොරා මේ සොරකම කරන්නට ඇතැයි එම නිවැසියාට කී විට  ඔහු එය කොහෙත්ම පිළිගත්තේ නැහැ. පිස්සුද මම නිතරම මිනිහට උදව් කරනවානේ. ඊයේත් මිනිහගේ පුතාගේ ජීවිතය ගොඩ දැම්මේ මමනේ. කීයටවත් මිනිහ නම් මේ හොරකම කරන්නේ නැහැ යැයි ඔහු පොලිසියට කීවේය.

 පොලිසිය ඔහුගේ නිවසට සොරා ඇතුළු වූ ජනේලය වෙතට පිය නැගුවේය. ඒ අවට පොලිසියට හුරුපුරුදු අඩි පහරවල් බිම දක්නට ලැබුණේය. ඒ ඔහුගේ යාබද නිවසේ වෙසෙන කම්බ හොරාගේය. ඔහු ගෙනවිත් අඩි පහරවල් සැසඳුවේ එය සැකහැර දැනගන්නටය. පොලිසියේ සැකය හරි ගියේ කම්බ හොරාට වැදුණු  කණේ පාරවල් දෙක තුනක් සමගම ඔහු ඇත්ත ඇති සැටියෙන් වැමෑරු නිසාය.


 අනේ අනේ මමත් මෙතෙක් කලක් උදව් කරලා තියෙන්නේ අවජාතකයෙකුටනේ. ඔහු මුමුණන විට කම්බ හොරා බිම බලාගෙන සිටියේ ඔහු පොලිසිය කුදලාගෙන යන තෙක්ය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »