Home / දෙයියෝ සාක්කි / කතගේ ගෙට රිංගන්න හැදූ එක්දරු පියා තාප්පෙන් වැටී කකුල කඩාගෙන

කතගේ ගෙට රිංගන්න හැදූ එක්දරු පියා තාප්පෙන් වැටී කකුල කඩාගෙන

2016-05-27 12:54:00       727
feature-top
සැමියා රට සිටින බිරියකගේ නිවෙසට රිංගීමට මැදියම් රාත්‍රියේදී තාප්පයට නැග්ග පුද්ගලයකු ඉන් වැටී බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුවතකි.
නිවෙසකට ඇතුළු වීමට තාප්පයකින් පැන්න අයකු තුවාල ලබා ඇති බවට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එම නිවෙස කරා ඒ මැදියම් රාත්‍රියේදීම ගිය විට එම නිවසේ තාප්පය අසල පුද්ගලයකු වැටී සිටිනු දැක ඇත.

ඔහු තාප්පයෙන් බිමට පැනීම නිසා කකුලක් කැඩී බරපතළ තුවාල ලබා සිටි නිසා වහාම ඔහු පොලිස් ස්ථානය කරා ගෙනැවිත් කටඋත්තර ලබාගෙන රෝහල් ගත කළ බව කියති. තුවාලකරු තිස් වියේ පසුවන එක්දරු පියෙකි.

එම නිවසේ පදිංචි කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක් සඳහා ගොස් සිටි අතර ඇය තමා සමග ඇසුරක් පවත්වාගෙන ගිය බවත් මෙදින රාත්‍රි ඇගේ ආරාධනය අනුව තමා එම නිවෙසට ඇතුළු වීම පිණිස තාප්පයට නැග බිමට පැන්න නමුත් පය පැටලී තමා බිමට වැටී තුවාල ලද බවත් ඔහු සඳහන් කර ඇත.

තුවාලකරු එසේ කීවත් එම නිවසේ පදිංචි කාන්තාව එම කතාව ප්‍රතික්ෂේප කර ඇති බවත් තමා තුවාලකරු නොදන්නා අතර කෑගසන ශබ්දය ඇසී බැලූ විට ඔහු තම වත්තේ තාප්පය අසල වැටී සිටිනු දැක බියට පත්ව කෑගැසූ බවත් පසුව අසල්වාසීන් පැමිණ පොලිසිය ගෙන්වා ගත් බවත් කියා තිබිණි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »