Home / දෙයියෝ සාක්කි / බාගයක් ගන්න මගියා බැස යද්දී ත්‍රීරෝද රියැදුරා කෑම පාර්සලයත් රැගෙන පැන ගිහින්

බාගයක් ගන්න මගියා බැස යද්දී ත්‍රීරෝද රියැදුරා කෑම පාර්සලයත් රැගෙන පැන ගිහින්

2016-05-25 10:01:00       728
feature-top
ඔහු අනුරාධපුර නගරයේ පදිංචි රජයේ නිලධාරියෙකි. ඔහු පසුගියදා අසනීපයෙන් පසුවන සිය බිරිඳගේ මව බැලීමට අනුරාධපුරයේ සිට ගම්පහට ගියේ සිය බිරිය සහ දියණියන් දෙදෙනා ද සමගිනි. බිරියගේ මව අසනීපයෙන් නිසා ඇගේ උදව්වට සිය බිරිය සහ දියණියන් දෙදෙනා ද දින කිහිපයකට නවතා අනුරාධපුරයට එන අටියෙන් ඔහු රජරට රැජින දුම්රියට නැග අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානයෙන් රාත්‍රී අටට පමණ බැසගත්තේය.

දුම්රිය ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූ ඔහු ඒ ආසන්නයේ තිබූ සුපිරි හෝටලයකින් පැය භාගයකටත් අධික කාලයක් පෝලිමේ සිට රුපියල් 290ක් ගෙවා මස් මාළු සහිත කෑම පාර්සලයක් මිලදී ගත්තේ බිරියත් දරවනුත් නැති මොහොතේ පොඩි පහේ අඩියක් ගසා සුව නින්දකට වැටෙන්නටය.

හෝටලයෙන් මහමඟට පිවිසි ඔහු ත්‍රිරෝද රථයකට ගොඩවිය. මල්ලි මට තුන්වැනි පියවරටයි යන්න ඔනේ. යන ගමන් ඔය වම් අත පැත්තේ තියෙන වයින් ස්ටෝර්ස් එක ගාව විනාඩියකට නතර කරන්න. ත්‍රිරෝද රථ රියැදුරා වයින් ස්ටෝර්ස් එක ඉදිරියෙන් ත්‍රිරෝද රථය නතර කළේය. මල්ලි මගේ කෑම පාර්සලය පිටිපස්සේ. පොඞ්ඩක් බලාගන්න පැවසූ ඔහු කඩිනමින් ත්‍රිරෝද රථයෙන් බැසගත්තේ ඉස්තරම් වර්ගයෙන් භාගයකුත් රැගෙන නිවසට ගොස් ඉක්මනට නාලා අඩියක් ගැසීමේ චේතනාවෙනි.

කඩිමුඩියේ වයින් ස්ටෝර්ස් එකෙන් බාගයත් රැගෙන කලිසම් සාක්කුවේ දමාගෙන ත්‍රිරෝද රථය නතර කළ ස්ථානයට පැමිණ වටපිට බැලුවත් ඒ වන විටත් ත්‍රිරෝද රථ රියැදුරා කෑම පාර්සලයද රැගෙන පලාගොස් තිබුණි. නැවත වතාවක් හෝටලය වෙත ගිය ඔහු තවත් අඩ හෝරාවකට වැඩි කාලයක් පොලිමේ සිට නැවත රුපියල් 290 ක් ගෙවා කෑම පාර්සලයක් ගෙන වෙනත් ත්‍රිරෝද රථයකට නැග කෑම පාර්සලය අතේම තබාගැනීමට ඔහු වගබලා ගත්තේය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »