Home / දෙයියෝ සාක්කි / සීනි කිලෝව රු.5 කින් වැඩි වුණාම ප්ලේන්ටියත් 5 කින් නග්ගලා

සීනි කිලෝව රු.5 කින් වැඩි වුණාම ප්ලේන්ටියත් 5 කින් නග්ගලා

2016-05-23 10:23:00       727
feature-top
තේ පානයට හෝටලයට ගොඩ වූ දෙදෙනෙකි. ටී බොනවාදැයි එයින් කෙනෙකු විමසූ විට, ප්ලේන් ටී හොඳයි පැවසූ අනෙකා තේ පිළියෙළ කරන තරුණයා ඇමැතීය. මල්ලී අපිට ප්ලේන් ටී දෙකයි ඔහු කීය. තේ පානය කිරීමෙන් අනතුරුව එක් අයෙක් මුදලාලිට රුපියල් විස්සක් දී, ප්ලේන් ටී දෙකයි යනුවෙන් පැවැසීය. ප්ලේන් ටී දෙකට රුපියල් තිහයි මුදලාලි කීය.

ඒ කොහොමද ප්ලේන්ටියක් රුපියල් දහයනේ කෙනෙකු විමසූ අතර ඊයේ ඉඳන් සීනි රුපියල් පහකින් වැඩි වුණා. දැන් ප්ලේන්ටියක් රුපියල් පහළොවයි. මුදලාලි පැහැදිලි කළේය. මුදලාලි මම නිකමට දැන ගන්න අහන්නෙ. සීනි කිලෝ එකකින් තේ කීයක් හදන්න පුළුවන්දැයි විමසූ විට ඔහු පැවසුවේ තේ හැටක් විතර යනුවෙනි.

මුදලාලි පුදුම මනුස්සයෙක්නෙ. සීනි කිලෝවකින් තේ හැටක් හදනවා නම් තේ එකකට රුපියල් පහක් වැඩි කළාම එතැනම රුපියල් තුන්සීයක් ඇවිල්ලනේ. අයෙක් කෝපයෙන් පවසා ආ මෙන්න ඉතිරි රුපියල් දහය. අකුණු ගහන වෙලාවට බැරි වෙලාවත් එළියට බහින්න එපා. යැයි පවසමින් අනෙකා සමග හෝටලයෙන් පිටවිය. වැට් බදු වැඩි වීමට ප්‍රථම සිදු වූවකි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »