Home / දෙයියෝ සාක්කි / ඉබිමස් දොළදුක පොලිස් කූඩුවෙන් නතරවෙලා

ඉබිමස් දොළදුක පොලිස් කූඩුවෙන් නතරවෙලා

2016-05-15 10:40:00       727
feature-top
තුන්කෝරළය පැත්තේ පිටිසරබද ගමක එපා කරපු අයකු සවස් කාලයේ ඇඟ රත්කර ගැනීම සඳහා කසිප්පු පොළකට ගොඩවිය. හීන් අඩිය අඩි දෙක තුනක් දක්වා දුරදිග ගිය අතර වැනි වැනී නියරක් දිගේ ආපසු එන අතරතුරදී අපූරු කටගැස්මක් ද පෙර මගට හමුවිය. ඒ රාත්තල් කීපයක් බර තාරුකා ඉබ්බෙකි.
ප්‍රීතිය නිම්හිම් නැතිවිය. ඒ දින කීපයකින් මසක් මාළුවක් නොකා සිටි තමුන්ට දෙන දෙයියෝ ළඟටම ගෙනත් දුන් තාරුකා ඉබ්බා පිළිබඳවය.

පෝර උරයකට දමා ගත් තාරුකා ඉබ්බා පරිස්සමින් නිවෙසට ගෙන ආ මොහු ඉබ්බා අනික් පිට හරවා දොරමුල්ලේ තබා ඉබි මස් වෑංජනය පිසීම සඳහා අවශ්‍ය තුනපහ ආදිය පිළියෙල කිරීමට සූදානම් විය.

සියල්ල සූදානම් කර ඉබ්බා මස් කිරීම පිණිස පිහියක් ද රැගෙන දොරමුල්ලට පිය නැගීය. පුදුමයකි. දොරමුල්ලේ අනික් අතට හරවා සිටි තාරුකා ඉබ්බා එහි නැත. පැය ගණනක් අවට සෝදිසි කළ ද ඉබ්බා ගිය පැත්තක් සොයා ගැනීමට ඔහුට නොහැකි විය.

වෙරි මත පරදා නැගී එන ඉවසිල්ලක් නැති කුසගින්නට ද කේන්තියට ද පත් ඔහු තුනපහ සහිත ඇතිලිය ද පොළොවේ ගසා නිදන්නට විය. රාත්‍රී 12ට පමණ මහ හඬින් කිසිවෙකු දොරට ගසන හඬක් ඇසී ඔහු අවදිවිය.

අපි පොලිසියෙන් දොර ඇරපන්.... ටී 56 ගිනිඅවි අමෝරාගත් පොලිස් නිලධාරීහු කීපදෙනෙක් ඉදිරි දොරින් ගෙට ඇතුළු වූහ.

උඹ ගෙනාපු තාරුකා ඉබ්බා දීපන්.... ඔහුගේ ඉහමොළ රත්විය. මම ඉබ්බෙක් ගෙනාපු එක ඇත්ත සර් ඒත් ඉබ්බා දොරමුල්ලේ දාලා තියෙද්දී පැනලා ගිහිල්ලා.

ඒවා අපිට වැඩක් නෑ වරෙන් යන්න පොලිසියට මහ රෑ ජීප් රථයේ දමාගෙන ඔහු පොලිසිය වෙත ගෙන ආ අතර ඉබි මස් නොකෑවද ඔහුට එළිවෙනතුරු හොඳහැටි පොලිසියෙන් කන්නට ද කූරු ගනින්නට ද සිදුවී ඇත්තේ ඉබ්බා රැගෙන එන අයුරු දුටුවෙකු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »