Home / දෙයියෝ සාක්කි / අනුන්ගේ බැංකු රිසිට් පතක් අරන් බැලන්ස් එක අඩුයි කියලා

අනුන්ගේ බැංකු රිසිට් පතක් අරන් බැලන්ස් එක අඩුයි කියලා

2016-05-12 10:12:00       727
feature-top
ගැණුම්කරුවෙක් තම බැංකු කාඞ්පත යොදා ඒටීඑම් යන්ත්‍රයෙන් රුපියල් දහසක් ලබා ගත්විට ලදුපත ද ලැබිණි. නිවෙසට පැමිණ ලදුපත පරීක්ෂා කිරීමේදී ශේෂය රුපියල් 11203 ශත 27 ක් බව සඳහන් විය.

ඔහු බියට පත්විය. ගිණුමේ ශේෂය රුපියල් පනස් දහසක් පමණ තිබිය යුතු බව ඔහුට විශ්වාසය. විදේශිකයන් තිදෙනකු හොර කාඞ්පත් යොදා ලක්ෂ ගණනින් සොරාගත් අයුරු ඔහුට සිහිවිය. වහාම අදාළ බැංකුව වෙත පිවිසි හෙතෙම, නිලධාරියෙකුට තම හැඳුනුම්පත ඉදිරිපත් කර කාරණය පැවසීය. පරිගණකයෙන් දත්ත ලබාගත් නිලධාරියා, සර්ගේ බැලන්ස් එක රුපියල් 50741 ශත පනස් තුනයි යනුවෙන් පැවසීය. ඒටීඑම් යන්ත්‍රයෙන් ලැබුණු ලදුපත පෙන්වූ ගැණුම්කරු, මේකේ තියෙන්නේ බැලන්ස් එක 11203 ශත 27 ක් කියලනේ යැයි කීවිට ලදුපත පරීක්ෂා කළ බැංකු නිලධාරියා මේ රිසිට් එක සර්ගෙ නෙමෙයි යැයි පවසා එහි ගිණුම් අංකය පරිගණකයට ඇතුළුකර මේක සර්ට කලින් ඒටීඑම් එකෙන් සල්ලි ගත්ත කස්ටර්මගේ. සර් සල්ලි ගන්න විනාඩි පහකට කලින් තමා එයා සල්ලි අරන් තියෙන්නේ. රිසිට් එක එයා අරගෙන නැහැ. සර්ගේ රිසිට් එක එළියට එද්දී උඩින් තිබුණේ එයාගේ රිසිට් එක. ඒක තමයි සර් ගෙනත් තියෙන්නේ. නිලධාරියා කරුණු පැහැදිලි කළේය. දැන් තමයි ඇඟට පනක් ආවේ.  ගැණුම්කරු පැවසීය.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »