Home / දෙයියෝ සාක්කි / පොලිසියෙන් බේරෙන්න හෙල්මට් දාගෙන දානය බෙදලා

පොලිසියෙන් බේරෙන්න හෙල්මට් දාගෙන දානය බෙදලා

2016-05-10 10:34:00       727
feature-top
ආරක්ෂක හිස් වැසුමක් පැළඳගෙන තවත් පුද්ගලයකු සමග පන්සලේ දාන ශාලාවට හදිසියේ ඇතුළු වූ තරුණයකු දානය වළඳමින් සිටි භික්ෂුන් වහන්සේලාට දන් බෙදූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවිය.

කොළඹ - නුවර පාරට ආසන්න ගම්මානයක විහාරස්ථානයකි. වේලාව මධ්‍යහ්නට ආසන්නය. විහාරාධිපති හිමියෝ ගෝල හිමිවරුන් කැටිව දාන ශාලාවට ගියේ ඉර අවරට යනු පෙර දන් වැළඳීම සඳහාය.

සංඝරත්නය දන් වළඳමින් සිටිය දී පෑල දොරින් තරුණයන් දෙදෙනකු ඇතුළුවූයේ හති දමමිනි. ඔවුන් යතුරුපැදියකින් ආ බවට පැහැදිලි වූයේ එක් අයකු ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ සිටි නිසාය. දෙදෙනා භික්ෂුන් වහන්සේ දානය ප්‍රමාණවත් බවට සංඥා කරද්දීත් දානය බෙදීම මහත් කරදයක් සේ පෙනුණි. එහෙත් මහ සඟරුවන ඒ බව නොපවසා කරදරය ඉවසාගෙන දන් වැළඳීමේ යෙදී සිටියහ.

නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙන්නකු මේ අවස්ථාවේ දන් ශාලාවට පිටුපස දොරටුව අසලට පැමිණි මේ සියල්ල බලා සිටිනවා නායක හිමියන්ට පෙනුණි. ගමේ තරුණයන් දෙන්නා කිසියම් වැරැද්දක් නිසා පොලිසිය මගහැරීමට මෙසේ දන් බෙදන්නට වූ බව තේරුම් ගත්තේය. පොලිස් අණ නොතකා ගිය දෙන්නා ගමන්ගත් යතුරුපැදිය පන්සල් බිමේ නවතා තිබෙනු දැකීම නිසා ඔවුන් සොයා මෙසේ පන්සලට පැමිණ තිබිණ. දානය වළඳා අවසන් වූ නායක හිමියෝ මහත්තයලාත් එන්න බත් කටක් කන්නැයි පොලිස් නිලධාරීන්ට පවසා ළමයිනේ මේ මහත්තයලාට හොඳින් සංග්‍රහ කරපල්ලයි තරුණයන් දෙන්නාට කියා ආවාස ගෙය දෙසට පිය මැන්නේය.

ඔවුන් ද නායක හිමියන්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් දෙන්නාට සංග්‍රහ කරනු ලැබ ඇත්තේ බියෙන් පසුවෙමින්ය. ආහාරගත් පොලිස් නිලධාරීන් මීට පස්සේවත් හෙල්මට් දාගෙන පලයල්ලා නවත්වන්න කිව්වාම නවත්වන්නත් දැනගනිල්ලා. අදට නායක හාමුදුරුවෝ හින්දා බේරුණායි පවසා පිටව යද්දී තරුණයන් දෙන්නා සැනසුම් සුසුමක් හෙලුවත් සියල්ල අසා සිටි නායක හිමියන් පැමිණ පැවැත්වූ දෝස් මුරය අසා සිටියේ වෙව්ළමිනි.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »