Home / දෙයියෝ සාක්කි / මත්පැන් බී එන රියැදුරුගේ ඇඳ කොස්ගහ යට

මත්පැන් බී එන රියැදුරුගේ ඇඳ කොස්ගහ යට

2016-05-02 10:05:00       727
feature-top
මැද පෙරදිග සේවය කළ අයෙකුට ලංකාවට පැමිණි පසු පෞද්ගලික බස් රථ රියැදුරු රැකියාවක් ලැබිණි. බස් රථයේ හිමිකරු ඔහුගේ ඥාතියෙක් විය. හිමිකරුගේ මස්සිනා එහි කොන්දොස්තරය. මෙය දුර ගමන් බස් රථයක් වූ අතර රියැදුරාට වැටුප් වශයෙන් දිනකට රුපියල් දෙදහසක් ලැබිණි. ආහාර පාන නොමිලේ ලැබුණේ තේ බීමට නවත්වන හෝටලයෙනි.

උදෑසනම කොළඹ බලා යන බසය ආපසු පැමිණෙන්නේ රාත්‍රියටය. වෙහෙස මහන්සි වී ගමනාන්තයට පැමිණෙන රියැදුරුටත් කොන්දොස්තරවරුන්ගේ අනුග්‍රහයෙන් හීන් අඩියක් ලැබීම සාමාන්‍ය සිරිතය.

අප රියැදුරාට ද දිනපතා නොමිලේ මත්පැන් ලැබීම නිසා රෑ බෝවී නිවසට පැමිණෙන විට බිරියගෙන් නිතරම බැනුම් ඇසීමට සිදුවිය.

මොනාද මනුස්සයෝ වෙලා තියෙන්නේ. හැමදාම එන්නේ රෑ දහය පහුවෙලා. අරක්කු ගඳේ බැහැ. ඔය විදියට බීලා ආවාම මං ළමයින් හදා ගන්නේ කොහොමද? ඇය දිනපතා ගෝරනාඩු කළාය. එය බීරි අලියනට වීනා වැයුවාක් මෙන් විය. මම චුට්ටක් බිව්වාට කකුල් හතරෙන් ආවේ නැහැනේ. අනෙක ගෙදරට අඩු පාඩුවක් කරන්නෙත් නැහැ ඔහු එවිට දෙන පිළිතුරය. දිනක් සුපුරුදු පරිදි රියැදුරා කොන්දොස්තරවරුන්ගෙන් ලද මත්පැනින් සංතර්පණය වී රාත්‍රියේ නිවසට පැමිණියේය. වසා තිබූ දොරෙහි කොළයක් අලවා තිබිණි. එහි වූයේ බිරියගේ අත්අකුරුය.

කොට්ට පැදුරු කොස්ගහ යට රෑ කෑම කුස්සියේ එහි සඳහන් විය. දින කිහිපයක්ම රියැදුරාට කොස්ගහ යට නිදාගැනීමට සිදුවිය. අවසානයේදී රැකියාවට ආයුබෝවන් කී ඔහු නව රැකියාවකට අගනුවරට පැමිණියේය.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »