Home / දෙයියෝ සාක්කි / මගහැරුණු දුරකතන ඇමතුම තරුණයකුගේ ලක්ෂ 1 1/2 කට විදලා

මගහැරුණු දුරකතන ඇමතුම තරුණයකුගේ ලක්ෂ 1 1/2 කට විදලා

2016-04-25 09:56:00       728
feature-top
මගහැරුණු දුරකතන ඇමතුමකින් හාදවී පෙම්වතාගෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක මුදලක් ලබාගෙන පෙම්වතා මග හැරිය දෙදරු මවක් හා පෙමත් මුදලත් අහිමි වූ තරුණයෙකු පිළිබඳව බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය සැකවින් මෙසේය.

මෙම සිද්ධියේ තරුණයා අනුරාධපුරයේ පදිංචි අයෙකි. මෙහි කාන්තාව බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිය මීට මාසයකට පමණ ඉහත දී කාන්තාවගේ දුරකතනයට අර තරුණයා ඇමතුමක් ලබා ගත්තේ වැරදීමකින් තමන්ගේ යහළුවෙකුට ගන්නා ඇමතුමක් ලෙසය. නමුත් එම ඇමතුම වැරදි එකක් බව කාන්තාව තරුණයාට කීවේය. එහෙත් දිගින් දිගටම මෙම තරුණයා කාන්තාවට කරදර කරමින් දුරකතන ඇමතුම් ගන්නට විය. නොදැනුවත්වම මේ සිදුවීම ඔස්සේ දෙදෙනා දුරකතනයෙන් සම්බන්ධයක් ඇතිකර ගත්හ. දෙදෙනාම පෙම්වතුන් බවට නිරායාසයෙන් පත්විය. මෙම සිද්ධියේ කාන්තාව විවාහකය. ඇයට දරුවන් දෙදෙනෙකි. එහෙත් ඒ සම්බන්ධව කිසිවක් තරුණයාට පැවසීමෙන් වැළකී සිටීමට මෙම කාන්තාව වගබලා ගත්තාය. කාලය කෙමෙන් ගෙවී ගියේය. දිනක් මෙම කාන්තාවට මුදල් හදිස්සියක් ඇතිවිය කිහිප දෙනෙකුගේ අත මාරුවට මුදලක් ඉල්ලුවත් ඇයට මුදලක් නොලැබුණි.

ඇයට තමන්ගේ පෙම්වතා මතක්විය. මාස ගණනක් දුරකතනයෙන් පෙම්කළ තරුණයාට තමන්ගේ අවශ්‍යතාව ඇය පැවසුවාය. මට හදිස්සියකට ලක්‍ෂ එකහමාරක් ඕනෑ. ඔයාට මගේ බැංකු ගිණුමෙ අංකය දෙන්නම් සල්ලි දාන්න පුළුවන්ද යැයි කීය. ජීවිතේටවත් කතගේ මූණවත් නොදැකපු තරුණයා කාන්තාව විශ්වාස කර අර බැංකු ගිණුමට මුදල් දැම්මේය. දින ගණනක් ගතවිය. වෙනදා නිතර එන දුරකතන ඇමතුම් කිසිවක් මින් පසු ලැබුණේ නැත. කොටින්ම කියනවානම් මෙම කාන්තාවගේ දුරකතන ක්‍රියා විරහිත කර තිබිණ. තරුණයා කර කියා ගන්නට දෙයක් නැතිවිය.

බැරිම තැන හෙතෙම කාන්තාවගේ බැංකු ගිණුම් අංකය පරික්ෂා කිරීමට අදාළ බැංකුවට ගියේය. බැංකුව වෙතට ගිය ඔහුට තමන්ට සිදු වූ ඇබැද්දිය එහි කළමනාකාරීත්වයට පැවසීමෙන් පසු ඒ ඔස්සේ අදාළ කාන්තාවගේ ලිපිනය සොයා ගැනීමට තරුණයාට හැකිවිය. පසුව ඔහු ලිපිනයේ සඳහන් ආකාරයට තම පෙම්වතිය සොයා ගියේය. යන අතර මගදී ත්‍රීරෝද නැවතුම්පොළක් තරුණයාට මුණ ගැසුණි. එහි සිටි පිරිස වෙත තම අත රැඳි ලිපිනය පෙන්වා ඇගේ නිවස කොහේ තිබෙන්නේ දැයි විමසීය. එහි සිටි පිරිස මල්ලී මොකද්ද ප්‍රශ්නයක් දැයි තරුණයාගෙන් ඇසීය. තරුණයා තමන්ට සිදුව තිබෙන අකරතැබ්බිය පිළිබඳව ත්‍රීරෝද නැවතුම්පලේ පිරිසට කීය. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ තමන්ගේ පෙම්වතිය විවාහක දෙදරුමවක් බවය. තරුණයාට එකවරම කදුළු වැටුණි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ආයෙ ඔය ගෑණි හම්බවෙලා වැඩක් නැහැ. මම යන්නම් කියා තරුණයා ත්‍රීරෝද නැවතුම්පළේ පිරිසට සමු දී කදුළු පිරි දෙනෙතින් තමන්ගේ ගමරටබලා පැමිණියේය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »