Home / දෙයියෝ සාක්කි / කඬේ පූසාත් අරන් මුදලාලි නෑගම් ඇවිත්

කඬේ පූසාත් අරන් මුදලාලි නෑගම් ඇවිත්

2016-04-20 10:32:00       727
feature-top
අලුත් අවුරුද්ද නිමිති කරගෙන සිය හෝටලයේ වැඩ කරන සේවකයකුගේ නිවෙසට ගිය මුදලාලි කෙනකුට තමන්ගේ හෝටලයේ සිටි පූසාද අහිමි වී ගිය සිදුවීමක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධිය සැකවින් මෙසේය.

සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් කඩ සාප්පු, වෙළඳසල් වසා දමන ලදී. සිද්ධිය වූ හෝටලය ද අලුත් අවුරුද්ද වෙනුවෙන් වසා දැමීමට එම හෝටලයේ අයිතිකරු කටයුතු කළේය.

ඒ අනුව මෙම හෝටලයේ අයිතිකරුද නෑදෑ ගමනකට සූදානම් විය. හෙතෙම තමන්ට බෙහෙවින්ම ලෙන්ගතු තම හෝටලයේ වැඩකරන සේවකයෙකුගේ නිවෙසට නෑගම් යාමට තීරණය කළේය. මෙම ගමනට හෝටලයේ වැඩකරන අනෙක් පිරිසද එක් කර ගැනීමට ඔහු කටයුතු කළේය. ගමනට අවශ්‍ය කැවිලි - පෙවිලි හා බිස්කට් වර්ග ද තමන්ගේ හෝටලයෙන් ලබාගැනීමට මුදලාලි කටයුතු කළේය.

හෝටලය වසා ගමනට පිටත් වන්නට ලෑස්ති වන විට හෝටලය ඇතුළේ සිටි පූසා කෑ ගසන්නට විය. මුදලාලිට දුක හිතුණේය. හෙතෙම උඹ හැමදාමත් මියන්ගෙන් කඬේ ආරක්‍ෂා කරලා දුන්නා. අද තනියට මේක ඇතුළෙ ඉන්න ඕනෑ නැහැ. එහෙනම් අපිත් එක්ක අවුරුදු කන්න යමන් කියා පූසාද දෑතින් වඩාගෙන පිරිස සමග ත්‍රිරෝද රථයකින් නෑදෑ ගෙදරට පිටත් විය.

නෑදෑ ගෙදරදී පිරිස සේවකයා ඇතුළු පවුලේ උදවිය උණුසුම් ලෙස පිළිගත්හ. ඔවුනට බත බුලතින් සංග්‍රහ කර පදමට මත්වතුර ටිකකින් සංග්‍රහ කිරීමට ද අමතක නොකළේය. රෑ බෝවී ගෙන එන නිසා සියලු දෙනාම එකිනෙකාට සමුදී තම තමන්ගේ නිවෙස්වලට යාමට නෑදෑ ගෙදරින් පිටත්වීමට සූදානම් වූහ. ඒ අතර තුර තමන් සමග නිවෙසට රැගෙන ආ කඬේ සිටි පූසා මුදලාලිට මතක් විය. හෙතෙම වෙරි මතින් පූසා දෑතට ගෙන ත්‍රිරෝද රථයට ගොඩවෙන්න ලෑස්තිවනවාත් සමගම පූසා මුදලාලිගෙන් මිදී කැලේට දුවන්නට විය.

ඉන් පසුව පිරිස එකතු වී පූසා අල්ලා ගැනීමට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක විය. එන්න එන්නම කළුවර වැටෙමින් තිබුණි. මුදලාලි නෑදෑ ගෙදරක ඇවිත් කඬේ පූසාත් නැති වුණා කමක් නැහැ එහෙනම් මූ හාම්පුතාගෙ ගෙදර පදිංචි වුණාදෙන් අපි යන්න යමු යැයි කියා පිරිස සමග නැවත තම තමන්ගේ නිවෙස්වලට ගියාලු.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »