Home / දෙයියෝ සාක්කි / නිල් මුට්ටිය බිඳිද්දී කිරි ඇවිත්

නිල් මුට්ටිය බිඳිද්දී කිරි ඇවිත්

2016-04-19 02:14:00       727
feature-top
බස්නාහිර පළාතේ උප නගරයක පැවැත් වූ බක්මහ උළෙලකදී නිල් මුට්ටිය බිඳීම වෙනුවට කිරි මුට්ටිය බිඳීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබිණ.

මෙම තරගයේදී නිල් මුට්ටිය බිඳීමේ තරගයට නිල් මුට්ටිය සමඟ තවත් වතුර මුට්ටි කීපයක් එල්ලා තිබුණේ තරග කරුවන් මුලා කිරීමටය. එක් තරගකරුවකු පහරදුන් මුට්ටියෙන් මුදවන ලද කිරි පුපුරා ඇද හැලීම නිසා සංවිධායකවරු මවිත වූහ.

කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම උළෙලේ අන්ධයාට කිරි කැවීමේ තරගය සඳහා යෝගට් කෝප්පවලට පිරවීමට ගෙනැවිත් තිබූ කිරි මුට්ටිවලින් එකක් සංවිධායකවරයකු වැරදීමකින් නිල් මුට්ටියක් සමඟ ලණුවේ එල්ලා ඇති බවක්ලු.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »