Home / දෙයියෝ සාක්කි / රජ ඇඳුම් ඇඳ කාර්යාල සේවයට ගිහින්

රජ ඇඳුම් ඇඳ කාර්යාල සේවයට ගිහින්

2016-04-06 10:14:00       727
feature-top
ටෙලිනාට්‍යයක් සඳහා රජ ඇඳුම් ඇඳ රාජ චරිතය රඟපෑ නළුවාට සිදු වූ අකරතැම්බයක් නිසා රජ ඇඳුමින්ම නගරයේ කාර්යාලයකටත් තම නිවස වෙතත් යාමට සිදු වූ රසවත් සත්‍ය සිදුවීමක් කුරුණෑගල නගරයෙන් වාර්තාවිය.

ඔහු 60 හැවිරිදි වූවත් මනා තේජස් පෙනුමින් යුතු කලාකාමී පුද්ගලයෙකි. නාට්‍ය රඟපෑමට වැඩි රුචියක් දැක් වූ නිසාම තම යහළුවකුගේ මාර්ගයෙන් ටෙලි නාට්‍යයක රජකෙනකුගේ චරිතයක් රඟපෑමට ඔහුට අවස්ථාව උදාවිය. දැඩි සතුටට පත් මොහු පුහුණු කටයුතු අවසන් වී නාට්‍ය රූගත කරන දිනයේ රාජ ආභරණ, ඇඳුම් සියල්ල ගමන් මල්ලේ අසුරාගෙන නියමිත ස්ථානයට පැමිණියේය.

අසන විහාරස්ථානයේ යාබඳව පිහිටි ගලමතදී ඔහු රාජචරිතයට පණ දුන්නේය. රූගත කිරීම් අවසානයේ ඔහු රජ ඇඳුම් ගලවා තම ඇඳුම් සෙව්වේ නගරයේ කාර්යාලයක මිත්‍රයකුගෙන් හදිසියේ ආ දුරකතන ඇමතුමක් නිසාය. එම දුරකතන ඇමතුමෙන් පැවසුවේ ඔහුගේම අවශ්‍යතාව ඉටුකර දෙන්නට නගරයේ කාර්යාලය වෙත වහා පැමිණෙන ලෙසය.

වහා කලිකම ඇඳගත් ඔහු තම කමිසය සෙව්වේ තිබූ තැන නොතිබූ නිසාය. විහාරස්ථානයේ කුඩා කොලුවෙක් තමා දෙසට දිවඑන අයුරු ඔහු දුටුවේය. සර්, සර්ගේ අර ගහේ එල්ලලා තිබුණ කමිසෙ රිලව් වගයක් ගෙනිහිල්ලා කීතු කරලා....

සුසුමක් හෙළු නළුවා.. වෙනත් කළයුතු දෙයක් නැති තැන තම කලිසමට උඩින් රජ චරිතයේ කමිසය ඇඳගත්තේය.

දිස්නය දීමට පබලු හා රිදී, රන්, පාටවලින් අලංකාර කරන ලද රාජ කමිසය ඇඳගෙනම ඔහු නගරයේ කාර්යාලය වෙත ගියේ වෙනත් කිසිවක් කළ නොහැකි නිසාමය.

කාර්යාලයේ සේවක සේවිකාවන් ඔහු දෙස විමතියෙන් බලන්නට වූයෙන් තම යහළුවාට සියල්ල පැවසීය.

අලුත් ෆැෂන් එකක් යාළුවා කීවේය.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »