Home / දෙයියෝ සාක්කි / බිරියගේ උප්පරවැට්ටියෙන් මුදලාලිට යකා වැහිලා

බිරියගේ උප්පරවැට්ටියෙන් මුදලාලිට යකා වැහිලා

2016-01-15 09:38:00       808
feature-top
කුඩා කඩ මණ්ඩියකි. එහි ප‍්‍රධාන කඩයක් අසල බංකුවක් හා පුටු කීපයක් තබා තිබුණෙන් වැඩි පිරිසක් එක්ව කතා කරමින් පසුවෙති. පසුගිය දිනක ඔවුන් දේශපාලනය කතා කිරීම නිසා ගැටුම් පවා ඇතිවූයෙන් මුදලාලි පුටු ඉවත්කොට දේශපාලනය අරගෙන එන්න එපායි දැන්වීමක් ද එල්ලූවේය.

මේ නිසාම කඬේට එන පිරිස අඩු විය. වැඩිපුර මිනිස්සු ඒම වළක්වන්න මුදලාලි ගහපු ගැටයක් ඕක. දැං ඔතෙන්ට අර .... කියන ගෑනි රිංගනවා මුදලාලිගේ බිරියට අසල්වැසි කාන්තාවක් ඔත්තුවක් දුන්නාය.

කරුණු සෙවූ ඇයට වැඬේ ඇත්ත බව පෙනිණ. මේ නිසාම අඹුසැමි අරගලද ඇතිවිය. පසුගියදා කඬේ එල්ලා තිබූ දේශපාලනය යන අකුරු මත කවුදෝ කාන්තාවගේ නම අලවා තිබුණි. මෙය දුටු මුදලාලිට යකා වැහිණි. මෙය බිරියගේ වැඩක් යැයි සිතා මුදලාලි එය ගලවා ඉරා විසිකළේ හොඳ වචන දෙක තුනක් කියමින්ලූ.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks
Generic placeholder image

කරු සමුගනී..

2020-08-04 11:29:00

More News »