Home / දෙයියෝ සාක්කි / උදේ හවස මල් කඩන මුණුබුරාට ආච්චිගෙන් වේවැල් වට්ටියක්

උදේ හවස මල් කඩන මුණුබුරාට ආච්චිගෙන් වේවැල් වට්ටියක්

2016-01-04 10:44:00       808
feature-top
උදේ සවස මල් කඩන නගරයේ ජිවත්වන තම එකම මුණුබුරාට මල් කැඞීම සඳහා ගමේ සිටින ආච්චි විසින් වේවැල් වලින් අලංකාර වට්ටියක් වියා තෑගි කළ පුවතකි මේ.

ඇය තම ස්වාමිපුරුෂයා සමග ජීවත්වූයේ ගමේ මහ ගෙදරය. එකම පුතා නගරයේ පෞද්ගලික ආයතනයක උසස් රැුකියාවක් කරන අයෙකි. ඔහුගේ බිරියද රජයේ ආයතනයක විධායක මට්ටමේ නිලධාරිනියකි. ජීවත්වූයේ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවසේය. ඔවුන්ගේ එකම පුතා විදේශ රටක වසර තුනක් උසස් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණියේ සති කිහිපයකට පෙරයි. කුඩා කාලයේ තම අතේ හැදුණු වැඩුණු මුණුබුරාට ආච්චි දැක්වූයේ අසීමිත සෙනෙහසකි.

පසුගිය දිනක උදෑසන ඇය පුතාගේ නිවෙසට දුරකථන ඇමතුමක් ගත්තේ මුණුබුරාගේ සුවදුක් විමසීමටය. එහෙත් එම අවස්ථාවේ මුණුබුරා නිවෙස තුළ නොසිටි අතර දුරකථන ඇමතුමට පිළිතුරු දුන් ගෙදර සිටින වැඩකාර කොලූවා පැවසුවේ බේබී මහත්තයා මිදුලේ අඹ ගස්යට මල් කඩන බවය.

එදින සවස් යාමයේ ද ඇය නැවත එම නිවෙසට දුරකථන ඇමතුමක් ගත්තේ මුණුබුරා හා කතාබහ කිරීමට ඇති ආශාව නිසාය. ඒ අවස්ථාවේදී නිවෙස තුළ සිටියේ වැඩකාර කොලූවායි. බේබි මහත්තයා දැනුත් ගෙදර නෑ, ගේට්ටුව ළඟට වෙලා මල් කඩනවා දැන් හුඟක් වෙලා ඉඳලා කොලූවා පැවසීය.

පසුගිය සති අන්තයේ තම පුතා ඔහුගේ බිරිඳ හා මුණුබුරා මහ ගෙදරට පැමිණියේ මහ ගෙදර සිටින මව්පියන් බැලීම සඳහාය. එදින දවස ගතකොට සවස් යාමයේ ඔවුන් පිටත්ව යාමට මෝටර් රථයට ගොඩවූ මොහොතේ ආච්චි කුඩා පාර්සලයක් තම මුණුබුරා අත තැබුවේ මෙසේ පවසමිනි.

පුතාට කතාකරන හුඟක් වෙලාවට ඒක ගන්නේ් වැඩකාර කොලූවා. එයා කියන්නේ පුතා මේ වෙලාවේ මල් කඩනව කියලා. මේකේ තියෙන්නේ මං වේවැල්වලින් වියපු ලස්සන වට්ටියක්. පුතා මේක තියාගන්න මල් කඩන්න. උදේට හවසට මල් පූජාකරන එක කොච්චර හොඳද?

මෝටර් රථයේ වූ තිදෙනාම ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස බැලූවේ නිතර විශේෂ කතා කියන වැඩකාර කොලූවා ආච්චිට ලණුවක් දී ඇති බව වටහා ගනිමිනි. ඔහු මල් කඩනවා කියා ඇත්තේ තරුණ මුණුබුරා විදේශ රටක සිටින තම පෙම්වතිය සමග දුරකථනයෙන් නිතර කතා කරන නිසාය.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks
Generic placeholder image

කරු සමුගනී..

2020-08-04 11:29:00

More News »