Home / දෙයියෝ සාක්කි / ලොකු නෑනාට තට්ටුකළ පොඩි නෑනා මාට්ටු

ලොකු නෑනාට තට්ටුකළ පොඩි නෑනා මාට්ටු

2016-01-03 10:39:00       809
feature-top
දික්වැල්ල පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් කිරීමට පැමිණි තරුණ මවුවරුන් දෙදෙනෙකි.

එකම පවුලක අයිය මලෝ දෙදෙනා සමග විවාහ වී සිටින අසල නිවස දෙකක පදිංචිව සිටින දෙදෙනෙකු බව පසුව හෙළිවිය.

පැමිණිල්ල වූයේ ලොකු නෑනාගේ නිවසට කිසිවකු නොමැති අවස්ථාවක රාතී‍්‍ර කාලයේ ජනෙල් පියන් සවිකර නොමැති නිසා ඉටි කොළයක් ගසා තිබුණු ජනේලයකින් සොරෙකු පැන නිවසේ තිබූ ලොකු නෑනාගේ අත් බෑගයක වූ රන් මුදු දෙකක් හා රුපියල් තුන්දහසක් සොරකම් කිරීමය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී වඩාත් උනන්දු වූයේත් වැඩිපුර දුක්වූයේත් බාල නෑනාය. බලන්න සර්, කරපු වැඬේ. කොහොම හරි හොරු අල්ලලා මතක හිටින දඬුවමක් දෙන්න බාල නෑනා පොලිස් නිලධාරීන්ද උනන්දු කළේ එලෙසය.

මෙම හැසිරීම පිළිබඳව අත්දැකීම් බහුල පොලිස් නිලධාරීන්ටද යම් කුකුසක් ඇතිවිය. කෙසේ වෙතත් සොරකම සිදුවූ නිවස වෙත ගොස් පරීක්‍ෂණයේ යෙදුණු පොලිස් නිලධාරින්ට එහිදීද බාල නෑනාගේ හැසිරීම් රටාව පිළිබඳව සැකයක් ඇතිවිය. ඒ අනුව ඇයගෙන් වෙනම ප‍්‍රශ්න කිරීමේදී සොරකමේ සුලමුල හෙළිකර ගැනීමට නිලධාරීහු සමත්වූහ.

මෙම සොරකම සිදුවනවිට පෙදරේරුවන් වන මෙම දෙදෙනාගේ ස්වාමි පුරුෂයන් දෙදෙනා රැකියාව සඳහා කොළඹ ප‍්‍රදේශයට ගොස් තිබූ අතර ස්වාමිපුරුෂයා නොමැති අවස්ථාවල රාතී‍්‍ර කාලයේදී දරුවන් සමග ලොකු නෑනා මහගෙදරට ගොස් තිබිණි. ඒ පිළිබඳව දැන සිටි පොඩි නෑනා මෙම සොරකම සිදුකර තිබිණි. පසුව ඇයගේ නිවසේ ඇඳක මෙට්ටයක් යට තිබී රන් මුදු දෙක හා මුදල් සොයාගැනීමට හැකිවිය.

පොලිස් නිලධාරින් මුලා කිරීමට පහසු නොවන බව පොඩි නෑනාට අවබෝධ වනවිට අය නීතියට කොටුවී හමාරය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks
Generic placeholder image

කරු සමුගනී..

2020-08-04 11:29:00

More News »