Home / දෙයියෝ සාක්කි / කමිසයේ කහට පැල්ලම නොසේදුවාට මවට බ‍්‍රහ්ම දණ්ඩනය දීලා

කමිසයේ කහට පැල්ලම නොසේදුවාට මවට බ‍්‍රහ්ම දණ්ඩනය දීලා

2015-07-28 11:17:00       681
feature-top
උසස් පෙළ ඉගෙනගන්නා සිසුවෙකි. සොහොයුරු සොහොයුරියන් කිහිප දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලාය. සිසුවාගේ ඇඳුම් සියල්ල සෝදා පිරිසිදු කරන්නේ මව විසිනි. දිනක් ඔහුගේ පාසල් නිල ඇඳුමේ කමිසයේ කහට පැල්ලමක් ගෑවිණි. කමිසය මවට දුන් ඔහු අම්මේ මේ කහට පැල්ලම යන්න හොඳට හෝදලා දාන්න, හෙට ස්කෝලේ අඳින්න  ඕනෑ යැයි පැවැසීය. මව කමිසය අනෙක් ඇඳුම් සමග සේදුවත් පැල්ලම යැවීමට නොහැකි විය. උදෑසන පාසලට යෑම සඳහා, සිසුවා තම කමිසය හැඳීමට සූදානම්වී පැල්ලම හරිහැටි ඉවත්ව නොතිබුණු බව දැක කෝපයට පත්ව, බලන්න අම්මාට මේ ෂර්ට් එකවත් හරියට හෝදන්න බැරි වුණානේ. පැල්ලම ගිහිල්ලා නැහැ. ඔය වගේ පොඩි දෙයක් වත් කරලා දෙන්න බැරිද? මම කොහොමද මේක ඇඳගෙන යන්නේ. කියමින් දෝෂාරෝපණය කරන්නට විය.


මම පුළුවන් විදියට සබන් දාලා දෙපාරක් තුන්පාරක් ඇතිල්ලූවා පුතේ. ඒත් පැල්ලම ගියේ නැහැ. මව පැවසුවාය. එදා සිට පුතා තම මව සමග කතා කිරීම අතහැර දැමීය. ඇය පිළියෙළ කරන ආහාර අනුභව කළත් මව හා වචනයක් කථා නොකර සිටීමට තරම් ඔහුගේ සිත ගලක් විය. වසර කිහිපයක් ගත විය. ඔහු විශ්ව විද්‍යාලයට තේරී පත්වී, උපාධිය ද සමත්ව උසස් රැුකියාවක් ද ලබාගත හැකි විය.


තම සොහොයුරු සොහොයුරියන් සමග කථාබහ කළත් දැනට අසනීපයෙන් පසුවන මව හා තවමත් කථා නොකරන බව මේ කුඩා දිවයිනෙන් වාර්තා වේ.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »