Home / දෙයියෝ සාක්කි / සේතන්ගේ ලාම්පුව සොයන්න ගිය ගිරය අතුරුදන්

සේතන්ගේ ලාම්පුව සොයන්න ගිය ගිරය අතුරුදන්

2015-07-25 10:04:00       683
feature-top
අරණායකට නොදුරු එක්තරා ගමක රාත්‍රියේ කොළ පෑගීමේ අවස්ථාවකදී සිදුවූ කතාවක් අපට දැනගන්න ලැබිණි.
ගම්මුන් කී අන්දමට සිද්ධිය මෙසේය.

තවමත් ගම්මානවල වී අස්වැන්න පැසීමෙන් පසු ගම්මුන් අත්තන් ගොස් ගොයම් කපා සියල්ලෝම එකතුවී රාත‍්‍රියේ ගොයම් පෑගීම සිදුකරති. සේතන්ගේ අස්වැන්න පැසීමෙන් පසුද ගොයම් පෑගීම සඳහා සියල්ල සුදානම් වෙමින් පැවතිණි.

හරකුන් ලවා පැය කිහිපයක් මේ කටයුතු සිදුකරන හෙයින් කමතට අවශ්‍ය ආලෝකය ලබාදීමට සේතන් පැට්ටෝල් ලාම්පුවක් රැුගෙන කමතට පැමිණියේය. ගම්මුන් නම් කියන්නේ සේතන් තරමක් මෝඩ පහේ කෙනෙකු කියලයි.

සේතන් කොළ පෑගීමේ අවස්ථාවට ගෙන ආ පැට්ටෝර් ලාම්පුව එල්ලීමට තැනක් නැති නිසා එම ස්ථානයේ තිබූ පැත්තට නැමුණු ගස අල්ලාගත් ඔහු එය තමන් සිටින දෙසට නමා පාත් කිරීමෙන් පසු එහි කෙළවරේ සේතන් විසින් ලාම්පුව එල්ලා ගස අතහැරියේය.

එවිට දුන්නක් දිග හැරියාක් මෙන් ගස කෙළින් වී ලාම්පුව ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. එහි සිටි කයිතන් දැන් ඔය ලාම්පුව හොයා ගන්න ඕනෑ නම් මෙහෙම කරන්න ඕනෑ.

සේතන් ඔය ගහ පාත් කරන්නකෝ?

කයිතන් විසින් අසල තිබූ බුලත් තට්ටුවේ ගිරය ගෙන සේතන් විසින් නමන ලද ගසේ කෙළවරේ ගිරය එල්ලූවේය. කයිතන් උජාරුවෙන් මේ කටයුතුවල නිරත විය. ඔන්න දැන් හැමෝම බලාගනිල්ලා දැන් ගිරය ලාම්පුවේ වැදුණ ගමන් සද්දේ ඇහෙනවා.එතකොට හොයා ගන්න පුළුවන්.

එහි සිටි සියල්ලෝ ද මුව අයා ඒ දෙස සැලකිලිමත්ව බලා සිටියදී උජාරුවෙන්ම තමන් කිරීමට යන හපන්කම පෙන්වීමට ගිරය එල්ලා ගස අතෑරියා පමණි. ලාම්පුවට වූ දේම එයට සිදුවූ අතර පසුදා ලාම්පුව සොයාගත් නමුත් අද වෙන තුරු ලාම්පුව සෙවීමට යැවූ ගිරය සොයා ගැනීමට නොහැකි වූ බව ගම්මු පවසති.

මෙම සිද්ධිය සිදුවී දසකයක් පමණ ගත වුවත් අදටත් එම ගම්මානයේ සේතන්ගේ ලාම්පුව සෙව්වා වගේ කියන කතාව අදටත් සිනා මුසු මුහුණින් ගම්මුන් තවමත් සිහි ගන්වයි.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »