Home / දෙයියෝ සාක්කි / ලිෆ්ට් එකක් ආරක්ෂක නිලධාරියා මාරු කරලා

ලිෆ්ට් එකක් ආරක්ෂක නිලධාරියා මාරු කරලා

2015-07-23 11:12:00       681
feature-top
එය නවීන විදුලි සෝපානයකි. පරිගණක තිරය මත ඇඟිල්ල තැබීමෙන් යා හැකිය. දිනක් ආරක්‍ෂක කළමනාකරු ආරක්‍ෂක නිලධාරියා අමතා ලිෆ්ට් එක හැමදාම දවල් දොළහට ඕෆ් කරන්න. නැත්නම් කට්ටිය විනෝදෙට ලිෆ්ට් එකේ යාවි යැයි කීය.

දිනක් විදුලි සෝපානය සවිකළ ආයතනයේ කාර්මිකයෝ පැමිණ එය ක‍්‍රියා විරහිතව තිබෙනු දැක, ඇයි මේක ඕෆ් කළේ යැයි විමසූහ. කෙනෙක් යනකොට විතරයි දාන්නේ ආරක්‍ෂක නිලධාරියා කීය.

මේ ලිෆ්ට් ටච් සිස්ටම් නිතරම ඔන් එකේ තියෙන්න ඕනේ. හැම වෙලේම ස්විච් එක පාවිච්චි කළොත් ඒක කැඩෙනවා. ඒකට රුපියල් ලක්‍ෂයක් වෙනවා අපේ වෙන තැන්වල ලිෆ්ට් පැය විසි හතරෙම ඔන් එකේ යැයි පැවසූ ඔවුහු සෝපානය ක‍්‍රියාත්මක කර පිටවූහ.

ආරක්‍ෂක කළමනාකරු පැමිණ ඇයි ලිෆ්ට් එක ඔන් කළේ යනුවෙන් කෝපයෙන් විචාළේය. ලිෆ්ට් නිතරම ඔන්x ඕෆ් කළොත් ස්විච් එක කැඩෙනවා කියලා සර්විස් කරන්න ආපු අය කීවා ආරක්‍ෂක නිලධාරියා පැවසීය. ඕක ඕෆ් කරන්න.

එයාලා ඇහුවොත් මාව ගාවන්න එපා ආරක්‍ෂක කළමනාකරු කීය. දිනපතාම ස්විචය භාවිතයෙන් එය කැඩිණි. ආරක්‍ෂක නිලධාරියාගේ කාර්යාලයට ඊමේලයක් ලැබිණි. ආරක්‍ෂක නිලධාරියාගේ නොසැලකිල්ලෙන් විදුලි සෝපානයේ ස්විචය කැඞී ඇත. ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු නොකළහොත් ඔබ ආයතනයට ගෙවිය යුතු චෙක්පත නවත්වන බව දන්වමි. සංචාරක නිලධාරියා ආරක්‍ෂක නිලධාරියා හමුවී උඹව ට‍්‍රාන්සර් කරන්නලූ. ලිෆ්ට් එක කැඩුණේ උඹ නිසාලූ.

හොඳ තැනක් මම දෙන්නම් යැයි කී විට, එහේ ලිෆ්ට් තියනවාදැයි ආරක්‍ෂක නිලධාරියා විමසීය. ඔව් පිළිතුරු ලැබිණි. බුදු අම්මෝ ලිෆ්ට් නම් ඕන් නැහැ හෙතෙම පැවසීය. ඒක පැය විසි හතරෙම ඔන් එකේ ජීවිතේට කැඩෙන් නැහැ සංචාරක නිලධාරියා සිනාසෙමින් පැවසීය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »