Home / දෙයියෝ සාක්කි / ඡන්දය ගන්න පොළඟකුත් අල්ලලා

ඡන්දය ගන්න පොළඟකුත් අල්ලලා

2015-07-20 11:29:00       680
feature-top
එක්තරා පක්ෂයක ආධාරකරුවෝ පිරිසක් අත් පති‍්‍රකාද රැගෙන ගෙන් ගෙට පා ගමනින් ගියහ. ඔවුහු ප‍්‍රදේශයේ සුනාමි නිවාස ඉදිකළ ගම්මානයකට පැමිණියහ. එහි නිවැසියන් පිරිසක් කෑ මොර දෙනු ඇසී පැමිණි කාරණය මදකට අමතක කොට පිරිස ඒ ගැන විමසිලිමත්වන්නට විය. කෑගැසූ පිරිසගේ නිවසට විශාල සර්පයකු ඇදෙනු දුටු බවත් ඒ නිසා ඔවුන් බියපත්ව සිටින අයුරුත් ඡන්ද පති‍්‍රකා බෙදමින් පැමිණි පිරිසට අවබෝධ විය.


එහි කණ්ඩායම් නායකයාගේ විධානයට අනුව ලී කැබලි අතට ගත් තරුණ පිරිස සර්පයා සොයන්නට පටන් ගත්හ. අසළ තිබූ ලී දර කොටන් තොගයක් එතැනින් පැත්තකට ඇද බැලූ විට තරමක් විශාල පොළඟකු සිටිනු දුටුවේය.


පොළඟා අල්ලා ගත් පිරිස පොළඟා නොමරා මල්ලකට දමාගෙන යාබද වන ලැහැබකට අත් ඇරියහ. යළිත් ඡන්ද පති‍්‍රකා බෙදමින් ගමන් කළ පිරිස සර්පයා සිටි නිවස අසළට පැමිණියහ. ඔවුන්ගේ ඊළඟ පියවර වූයේ තම පක්ෂය දිනවීම සඳහා නිවැසියන් හමුවී අත් පති‍්‍රකා බෙදීමය.


සර්පයා කැලයට අත්හැර පිරිස ආපසු එනතුරු ගෙදර සිටි අය පෙරමග බලා සිටියහ. දරුවන් කීප දෙනෙකු පාරේ සිටි අතර වැඩිහිටියෝ ගෙයි එළිපත්ත මත බලා සිටියහ. දරුවන් කතා බහ කළේ එම අවස්ථාවේදීය.


පොළඟා අල්ලලා දුන්නාට අපි නම් ඔයාලට ඡන්දේ දෙන්නේ නැහැ. යැයි කීමෙන් අත්පති‍්‍රකා බෙදමින් ගමන් කළ පිරිස පුදුමයට පත්වූහ.


මේක ඒ ගෙදර මහවුන්ගේ අදහසක්. එයාලා අනිත් පක්ෂයට වැඩ. අපි ඒ ගෙදරින් ඡන්දේ ඉල්ලූවෙත් නැහැනෙ. උපකාරයක් කරලා අපට ලැබුණ පිළිතුර යැයි පති‍්‍රකා බෙදීමේ ගමනට එක්වූ පිරිස ප‍්‍රකාශ කළහ.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »