Home / දෙයියෝ සාක්කි / වයිරස් ගාඞ් එකට පරිගණකයේ බර වැඩිවෙලා

වයිරස් ගාඞ් එකට පරිගණකයේ බර වැඩිවෙලා

2015-07-04 10:11:00       673
feature-top
දරුවකුගේ පරිගණකයට වෛරස් ගාඩ් එකක් දමාගැනීමට පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයකට ගිය පියා එය දැමු පසු පරිගණකයේ බර වැඩි වූ බව පැවසීමේ පුවතක් වාර්තා විය.

සිද්ධිය දැනගත් ආකාරයට මෙසේය.

හෙම්මාතගම නගරයේ ඇති පරිගණක අලූත්වැඩියා කරන ස්ථානයට තම දියණියගේ පරිගණකය රැුගෙන ගිය අවුරුදු 58ක් පමණ වයසැති පුද්ගලයකු එහි ගොස් එම නඩත්තු ස්ථානයට රුපියල් 1000ක මුදලක් දී පවසා ඇත්තේ තම දියණිය මෙම කොම්පියුටරයට වෛරස් ගාඞ් එකක් දමා දෙන ලෙස පැවසූ බවය.

එහෙමනම් අංකල් දැම්ම බැරි වෙයි. මට විනාඩි 20ක් විතර දෙන්න. යැයි අදාළ අලූත්වැඩියා කරන ස්ථානයේ පුද්ගලයා පවසා ඇත.

හා කමක් නැහැ. මම පැය භාගයකින් එන්නම් පොළට යන්නත් ඕනෑ එහේ ගොහින් බඩු අරන් එනකොට ගමු. කියා යන්නට ගියේය. පසුව පැයකින් පමණ නැවත පැමිණි ඔහු පුතා හරිද වැඬේ.යි විමසීය.

හරි අංකල් සල්ලි එපා කියා ඔහු එම මුදල ආපසු දී ඇත්තේ එම පරිගණකයද තම ආයතනයෙන් මිලදී ගත් එකක්වීම නිසාය. එහෙත් කීයක් හෝ ගන්නා ලෙස මැසිවිලි නැගුවද එය ප‍්‍රතික්‍ෂේප කර පරිගණකය ඔසවා අදාළ වයස්ගත පුද්ගලයා අත තැබීය.

අපෝ මේක දැම්මාට පස්සේ බරයි කියන්නට වූයේ වෛරස් ගාඞ් එක යනු පරිගණකයට සවි කරන ලද උපාංගයක් යයි සිතාගෙනය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »