Home / දෙයියෝ සාක්කි / බසයේ ටිකට්ටුව ගන්න විරිදුකරුට සල්ලිදීලා

බසයේ ටිකට්ටුව ගන්න විරිදුකරුට සල්ලිදීලා

2015-06-27 09:51:00       677
feature-top
බසයේ ටිකට් කඩන කොන්දොස්තර මහතා යැයි සිතා බසයට ගොඩවූ විරිදුකරුවකුට ටිකට් ගැනීමට මුදල් දීමේ සිදුවීමක් කොළඹ නගරයේදී සිදුවිය.

සිද්ධිය මෙසේය. මෙම තැනැත්තිය විදේශීය කාන්තාවකි.

ඇය කොළඹ නගරයෙන් බස් රථයකට ගොඩවූයේ නාරාහේන්පිට යෑමටය. බස් රථයට ගොඩවූ ඇය ටික වේලාවක් එහි වාඩිවී සිටියේය. ඒ වනවිටත් බසයේ මගීන් පිරිසක් වූහ. රථයේ ගමන් වාරයට තව සුළු වේලාවක්ද තිබුණි.

ඔය අතරතුර අර කාන්තාවද විරිදුකරුවාට රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් ලබා දුන්නාය. විරිදුකරුවා සුදු නෝනාට හොඳ විරුදු පදයක් කියන්නට විය. ටික වේලාවකින් විදුරුකරුවා බසයේ පිටුපස දොරින් බැස ගියේය.

සුදු නෝනා වට පිට බලමින් ළඟ සිටි කාන්තාව දෙස බලා නෝ ටිකට් නෝ ටිකට් යැයි පවසන්නට වූවාය. එහෙත් ඇය තමන්ට හරි හැටි ඉංග‍්‍රීසි නොතේරෙන නිසා යාබද අසුනක සිටි පුද්ගලයකුට මේ සිදුවීම ඇසී හෙතෙම අසලට පැමිණ සුදු නෝනා මේ කියන්නේ කුමක්දැයි විමසීය.

පසුව සුදු නෝනා තමන් මුදල් දුන්නේ බස් රථයේ ටිකට් පත ලබා ගැනීමට බව අර පුද්ගලයාට කීවාය. ළඟ සිටි සියලූ දෙනාටම කාරණය වැටහුණි. බසයේ සිටි පුද්ගලයකු හනිකට බස් රථයෙන් බැස අසල බස් රථයක සිටි විරිදුකරු කැඳවාගෙන ඇවිත් කාරණා තේරුම් කරදී ඔහු අතින් අර රුපියල් විස්සේ නෝට්ටුව නැවත සුදු නෝනාට ලබා දුන්නේ ගැටලූ සමථයකට පත්කර ගනිමිනි.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »