Home / දෙයියෝ සාක්කි / කුලී ගමන යන අතරේ ගුටි ඇනගත් යුවළ පොලීසියට බාර දීලා

කුලී ගමන යන අතරේ ගුටි ඇනගත් යුවළ පොලීසියට බාර දීලා

2015-06-20 09:20:00       673
feature-top
අඹුසැමියන් ත‍්‍රීරෝද රථයකින් කුලී ගමනක් යන අතරතුරේ ඇතුළේ බහින් බස්වෙමින් ගුටිබැට හුවමාරුවක යෙදීම නිසා රියදුරා ගමන නවත්වා යුවළ පොලිසියට බාරදුන් සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි. උදේම හොඳ කුලී ගමනක් බලාපොරොත්තුවෙන් සිටි අතරතුරේ ත‍්‍රීරෝද රථය අසලට පැමිණි තරුණ යුවලක් මල්ලි හදිසියි ඉක්මනට යමු කියා රියැදුරාට කතාකර එයට ගොඩවී ඇත.


පෙනුමෙන් වැදගත් අය බව වැටහුණු නිසා කිසිදු පැකිලීමකින් තොරව රථය පණ ගන්වා ඔවුන් කියූ දෙසට ගමන් කරද්දී යුවළ එක්වරම බහින් බස්වීමට පටන්ගෙන තිබේ.


තව ටික දුරක් එද්දී දෙන්නගේ බහින්බස්වීම ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත.


දෙන්නගේ ගැටුම නිසා රථය පාලනය කර ගැනීම අසීරුවී දබරය නවත්වන්නැයි කළ ඉල්ලීමට ද ඔවුන් කන්නොදුන් නිසා ඒ අවස්ථාවේ පාරේ ගිය පොලිස් රථයක් නවත්වා සිද්ධිය ඔවුන්ට පවසා රියැදුරා යුවළ පොලිසියට බාරදී ඇත.


මහ පාරේ යන වාහන ඇතුළේ මේ ලෙස ගහ ගත්තම රියැදුරා පමණක් නොව පාරේ යන අනෙක් අයත් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා ගෙවල් ඇතුළේ තමන්ගේ ප‍්‍රශ්න විසඳගන්න පුළුවන් නම් හොඳයි කියා පොලිසිය ඔවුන්ට තදින්ම අවවාද කර මුදාහැර ඇත.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »